gossiplanka alexa නැවතත් දැඩි සංචරණ සීමා ? පාසැල් යළි වසා දමනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නැවතත් දැඩි සංචරණ සීමා ? පාසැල් යළි වසා දමනවා ද ?

කොරොනා වෛරසය ව්‍යාප්තියේ බරපතල වර්ධනයක් සිදුවුවහොත් දෙසැම්බර් මස වන විට නැවතත් රට වසා දැමීමට සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. 

එළඹෙන උත්සව සමයේ ජනතාව වගකීමෙන් ක්‍රියා නොකලහොත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්විය නොහැකි බව ඒ මහතා අනතුරු අඟවනවා. 

පවතින තත්ත්වය හමුවේ උත්සව කාලයේ දී රට වසා දමනවාද දැඩි සංචරණ සීමා පනවනවා ද යන්න ඉදිරියේ දී රජය තීරණය කරනු ඇතැයි ඔහු පවසනවා. මීට පෙරද උත්සවකාලවල දී රට විවෘතව තැබීමෙන් කොරොනා වෛරසය ව්‍යාප්තියේ වැඩි වීමක් දක්නට ලැබුණා. 

මේ අතර පාසැල් දරුවන් අහ්තර ද කොරෝනා ව්‍යාප්තියේ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් යළි පාසැල් වසා දැමීමට සිදු විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා. 

පවතින තත්ත්වය අඛණ්ඩව පාලනය කරගෙන දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා ගැනීමට සියළු දෙනාම ආරක්ෂාකාරීව කටයුතු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා වැඩි දුරටත් පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu