gossiplanka alexa 21 අභ්‍යාසලාභී උපාධිධාරී ගුරුවරු පාසැල් ඒම අනිවාර්යයි, ගුරු - විදුහල්පති වෘත්තීය සමිති තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

21 අභ්‍යාසලාභී උපාධිධාරී ගුරුවරු පාසැල් ඒම අනිවාර්යයි, ගුරු - විදුහල්පති වෘත්තීය සමිති තීරණය

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කර සිටින උපාධිධාරීන් සියළු දෙනා මෙම මස 21 වන දින සේවයට වාර්තා කල යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා. 

මෙසේ අන්තර්ග්‍රහණය කර සිටින උපාධිධාරීන් සංඛ්‍යාව 18,000ක්. උපාධිධාරී අභ්‍යාසලාභීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී 58,000ක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහනය කළ අතර ඒ අතරින් 18,000ක් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරනු ලබනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය මාර්ගොපදේශවලට අනුව අදියර කිහිපයකින් පාසැල් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. මේ දිනවල සියළුම පාසැල්වල සිසුන්ට සහ ගුරුවරුන්ටකොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය තවත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කලහොත් ඕනෑම අවස්ථාවක දී අවශ්‍ය තරම් උපාධිධාරීන් ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා. 

මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ කුමන උපක්‍රමයක් ගෙන ආවද ගුරු-විදුහල්පතිවරුන් 21 වැනිදා සේවයට වාර්තා නොකරන බවයි. ඔහු පවසන්නේ රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් සියළු දෙනා පාසැල් වෙත අනුයුක්ත කළ ද එය තම අරගලයට අදාළ නොවන බවයි. 

ළමයි 200ට අඩු 1-5 ශ්‍රේණිය දක්වා පාසැල් 3000ක් පවතින නිසා තමන් දන්නා අයුරින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කළ උපාධිධාරීන් එක් පාසැලකට පස් දෙනා බැඟින් යොමු කර ඇතැයි ඔහු වැඩි දුරටත් පවසනවා. තම අරගලය කඩා කප්පල් කිරීමට බාල උපක්‍රම ගෙන ආවද ඒවාට තමන් නොසැලෙන බවයි ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කරන්නේ. 

ගුරු විදුහල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30ක් ප්‍රමාණවත් වුවද අරගලට කඩාකප්පල් කිරීමේ මුවාවෙන් සිදුකරන ක්‍රියා හේතුවෙන් රුපියල් මිලියන ගණනින් වියදම් වන බව ඔහු පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu