gossiplanka alexa ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම සය නිවුන් දරු උපත - ඡායාරූප

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රථම සය නිවුන් දරු උපත - ඡායාරූප

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සය නිවුන් දරු උපතක් ඊයේ (21) වාර්තා වුණා. උදෑසන 12.16ත් 12.18ත් අතර කාලය තුල දී මෙම නිවුන් දරු උපත් සිදු වී තිබුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. 

මෙම සය නිවුන් දරුවන් අතර ගැහැණු දරුවන් තිදෙනෙක් සහ පිරිමි දරුවන් තිදෙනෙක් සිටිනවා. මෙම සය නිවුන් දරුවන් බිහිල 31 හැවිරිදි මව සහ උපත ලද දරුවන් සියළු දෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. 

ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝහල් කාර්ය මණ්ඩලය සිසේරියන් සැත්කමක් මඟින් දරු උපත සිදු කර තිබෙනවා. මෙම වෛද්‍ය කණ්ඩායමට සාමාජිකයින් 30 දෙනෙක් සම්බන්ධ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. එක් දරුවෙකුට එක් වෛද්‍ය නිලධාරියෙක් සහ හෙද නිලධාරිනියන් තිදෙනෙක් බැඟින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය සඳහා යොදවා තිබෙනවා. 

මෙම දරු ප්‍රසූතියේ දී පලමුව ගැහැණු දරුවාත් ඉන්පසු පිරිමි දරුවන් තිදෙනාත් අනතුරුව ගැහැණු දරුවන් දෙදෙනාත් ප්‍රසූත කල බවයි පැවසෙන්නේ. දරු ප්‍රසූතියේ දී කිසිදු ලෙසකින් මවට රුධිරය ලබා දීමේ අවශ්‍යතාවයක් සිදු වී නැහැ. 

"අම්මට ප්‍රේෂර් එක වැඩිව් එන්න ගත්තේ සති 26කට අඩු කාලයකදී. සති 31න් තමා අපි බබාලව ගත්තේ. අපි ගොඩක් වෙලාවට ස්කෑන් කරලා බැලුවා බබාලගෙ තත්ත්වය කොහොමද කියලා. බබාලගේ ලේ ගමනාගමනය කොහොමද කියලා. ඒ වෙලාවෙදි බබාලා දෙන්නෙක්ගෙ ලේ ගමනාගමනය ටික ටික අඩු වෙමින් යන බව දැක්කා. ඒ මොහොතෙදි අපි තීරණය කලා සති 31 තමා හොඳම කාලය කියලා" විශේෂඥ වෛද්‍ය ටිරාන් ඩයස් මහතා පවසනවා. 

දරුවන් සය දෙනා සහ මව තවත් සති දෙකක කාලයක් දැඩි සත්කාර ඒකකයේ රඳවා තබාගෙන ප්‍රතිකාර කරන බව වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. 

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

six twins birth srilanka

ආශ්‍රිත : මවුබිම

ඡායාරූප : අන්තර්ජාලයෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu