gossiplanka alexa පත්තෑ විසෙන් අවසන් ගමන් ගිය බිළිඳා, දරුවන් නිදිකරවීමට පෙර පරීක්ෂාකාරී වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පත්තෑ විසෙන් අවසන් ගමන් ගිය බිළිඳා, දරුවන් නිදිකරවීමට පෙර පරීක්ෂාකාරී වන්න

ත්තෑයෙකු සපාකෑමෙන් නිදියහනේදිම බිළි‍ඳෙකු මියගිය පුවතක් මුන්දලම ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස මාස දෙකයි දින 22ක් වයසැති බිළි‍ඳෙක්. 

" මට දරුවන් තිදෙනෙකු සිටිනවා. නැතිවෙලා ඉන්නේ මගේ බාලම පුතා. නිවසේ වැඩ ටික කරලා අපි නින්දට යද්දි හැමදාම රෑ වෙනවා. ඊට කලින් පුතාට කිරි දීලා නිදි කරවනවා. එදා රාත්‍රියේ දී නින්දට යද්දි රෑ 12.30 පහුවුණා. ගොඩක් දවස්වලට චූටි පුතා මැදියමේ නැගිටලා අඬනවා. එතකොට මටත් ඇහැරෙනවා. මම කිරි ටිකක් දුන්නම බීලා එයා නිදා ගන්නවා. එදා චූටි පුතා අහැරුණේ නෑ. වෙනදට වඩා මහන්සි හින්දා මටත් නින්ද ගියා. ඒත් පාන්දර ඇහැරුණා. චූටි පුතාගේ කිසිම ශබ්දයක් තිබුනේ නැහැ. මම ඇඟට අත තියලා බැලුවා පුතාගේ ඇඟ සීතල වෙලා තිබුණා. මට බය හිතුණා. මහත්තයටත් කතා කරලා පුතාව ඉක්මනට මුන්දලම රෝහලට අරන් ගියා. රෝහලෙන් කිව්වා පුතා ඒ වෙනකොටත් මියගිහින් කියලා" යැයි දරුවාගේ මව පවසනවා. 

දරුවාගේ පියා රෝහලේ සිට නැවත නිවසට පැමිණ ඔහුගේ තාත්තා සමඟ දරුවා නිදාගත් ඇඳ සහ මෙට්ට ගසා සොයා බැලීමේ දී ඇඳත් මෙට්ටයත් අතර ලොකු පත්තෑයෙක් සිට තිබෙනවා. පත්තෑයා මරා රෝහලට භාර දීමට ඔවුන් කටයුතු කර තිබුණා. 

සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂණ වාර්තාව ලබා දී තිබූ අතර දරුවාගේ මරණයට හේතුව පත්තෑයෙකු සපාකෑමෙන් විෂ ශරීරගත වීම බව එහි සඳහන්ව තිබුණා. 

දරුවන් නිදිකරවීමට පෙර එම ස්ථාන පිළිබඳව හොඳින් සොයා බලා පරීක්ෂා කල යුතු බව මරණ පරීක්ෂකවරයා මෙහිදී පවසා තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu