gossiplanka alexa යුගදනව් තාප බලාගාර ගැටළුව පිළිබඳ සාකච්ඡාව ආසාර්ථකයි, බලාගාරයට වායු ගෑස් සැපයීමේ හිමිකම ගැන නිල ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුගදනව් තාප බලාගාර ගැටළුව පිළිබඳ සාකච්ඡාව ආසාර්ථකයි, බලාගාරයට වායු ගෑස් සැපයීමේ හිමිකම ගැන නිල ප්‍රකාශයක්

කෙරවලපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ සාමාජික පක්ෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකොළහක නායකයින් සහභාගි වුණා. 

කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක කොටස් ඇමරිකානු ඩොලර් මිලියන 250කට ඇමරිකානු සමාගමකට විකිණීමට මුදල් ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුමත කිරීම ගැන ආණ්ඩුවේ සාමාජික පක්ෂ 11ක් විරෝධය පල කලා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍යවරයා සමඟ එම පක්ෂ නායකයින් දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූවා. 

මෙම සාකච්ඡාවේ දී වාසුදේව නානායක්කාර ඇමතිවරයා රතුපාට නැව හා පර්යන්ත නෞකාව ආරම්භ කිරීමට විරුධත්වය ප්‍රකාශ කොට ඇති අතර එම කටයුතු රටේ ජාතික ආරක්ෂාවට අහිතකර බවත්, එක් සමාගමකට රටේ විදුලි බල පද්ධතිය නතු වීම අනතුරුදායක බවත් පෙන්වා දී තිබෙනවා. එසේම මහජන දේපළ නොවිකුණන බවට දුන් පොරොන්දුව ද මතක් කර දී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන වාසි ගැන කරුණු දක්වා ඇතත් එයට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන ඇමතිවරු විරුද්ධව අදහස් දක්වා ඇති බව සඳහන්. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ගැන පක්ෂ 11ක නායකයින්ගේ අදහස් ඇතුලත් කරුණු සහිත ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමටත් ඒ අනුව එතුමන්ගෙන් සාකච්ඡාවක් ලබා ගැනීමටත් කටයුතු කරන බව සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් විමල් වීරවංශ ඇමතිවරයා පවසනවා. 

එසේම මාධ්‍යයට අදහස් දැක්වූ දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙම ගිවිසුම හරහා අමෙරිකාව විදුලි උත්පාදනය නතර කලහොත් ශ්‍රී ලංකාවේ විදුලි සැපයුම බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි. 

මේ අතර විදුලි ඉංජිනේරුවන් පවසන්නේ අමෙරිකානු සමාගමට අවශ්‍යව ඇත්තේ 40%ක කොටස් නොව ශ්‍රී ලංකාවේ සැපයුම ලබා ගැනීම බවයි. එසේම ඔවුන් පෙන්වා දෙන්නේ මෙම යුගදනව් බලාගාරයෙන් ලබන වසරේ සිට ලාභ ඉපයීමේ හැකියාවක් ඇති බවයි. 

තත්ත්වට මෙසේ තිබිය දී ගිවිසුමට අත්සන් කල ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම නිල වශයෙන් පවසා ඇත්තේ ගිවිසුමට අනුව කෙරවලපිටිය විදුලිබල සංකීර්ණයට ස්වභාවික වායු ගෑස් සැපයීමේ හිමිකම තම සමාගමට හිමිවන බවයි. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu