gossiplanka alexa ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුපර් ලීග් ලකුණු සටහනේ තවත් ඉහළටම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුපර් ලීග් ලකුණු සටහනේ තවත් ඉහළටම

කුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක් දින ක්‍රිකට් තරඟාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (07) සමත් වුණා. වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ලංකා කණ්ඩායමක් ලද එක්දින ක්‍රිකට් තරඟාවලි ජය මෙය වනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලිය ජයගත්තේ 02ට 01ක් ලෙසින්. ඊයේ තරඟයේ දී ශ්‍රී ලංකා පිලෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 204ක ඉලක්කයක් ලබා දුන්නත් ඔවුන්ට පන්දුවාර 30ක දී සියල්ලන් දැවී ‍රැස්කර ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි. ඒ අනුව ලංකා කණ්ඩායම ලකුණු 78ක ජයග්‍රහණයක් වාර්තා කලා. 

එම ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුපර් ලීග් ලකුණු සටහනේ 5වන ස්ථානය දක්වා පැමිණියේ ප්‍රසාද ලකුණු 42ක් ලබා ගනිමින්. 

ඊයේ සිය මංගල එක්දින තරඟය ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 04ක් ලබා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා. එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු සිය මංගල එක්දින තරඟයේ දී  දැක්වූ ඉහළම දක්ෂතාව වනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම හිමිවූයේ ලකුණු 15කට කඩුලු 03ක් දවාගත් වනිදු හසරංගටයි. 

Sri lanka won the ODI cricket series

Sri lanka won the ODI cricket series





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu