gossiplanka alexa කෙරවලපිටිය විදුලිබලාගාර කොටස් ඇමරිකාවට විකිණීමේ සිද්ධිය දුර දිග යයි, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තීරණයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෙරවලපිටිය විදුලිබලාගාර කොටස් ඇමරිකාවට විකිණීමේ සිද්ධිය දුර දිග යයි, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ තීරණයක

කෙරවලපිටිය විදුලි බලාගාරයේ 40%ක කොටසක් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් ඊයේ (20) පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී එම පක්ෂ තීරණයකට එළඹ ඇත්තේ මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටයි. 

කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුම කෙසේ අත්සන් කලා ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත්, කොළ කෑලිවල පමණක් අත්සන් කිරීම තුළින් මෙවැනි ගිවිසුම් වලංගු නොවන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. 

සුදුසු දේශපාලන තීන්දුවක් නොගෙන අත්සන් කරන එවැනි ගිවිසුම් සියල්ලම අවලංගු කිරීමට හැකියාව ඇති බවත් ඒ මහතා පවසනවා. 

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසූයේ තමන් ගන්නා පියවර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවයි. 

කෙරවලපිටිය තාප බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල ‍රැස්වීමේ දී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සිය විරෝධය පළ කර සිටියා. මෙම අර්බුදයත් සමඟම එම අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වන බවට ද වාර්තා පළ වුණා. 

ඊයේ පැවති සාකච්ඡාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරමින්

  • ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ
  • ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර
  • අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි 
  • ලංකා සම සමාජ පක්ෂ නායක මාහාචාර්ය තිස්ස විතාරණ
  • ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර
  • ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර
  • එහි මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ
  • පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ 
  • යුතුකම ජාතික සංවිධානයේ 
  • ගෙවිඳු කුමාරතුංග යන අය එක්ව සිටියා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu