gossiplanka alexa විශේෂ සහන ගාස්තු සමඟින් ශ්‍රී ලාංකිකයින්ට විදේශගත වීමේ අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විශේෂ සහන ගාස්තු සමඟින් ශ්‍රී ලාංකිකයින්ට විදේශගත වීමේ අවස්ථාවක්

ජාත්‍යන්තර සංචාරවල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන්ට කලින් ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තුවලට ගුවන් ගමන් සිදු කිරීමේ අවස්ථාව ලබා දීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා. 

මේ අනුව ඩුබායි හරහා දැනට තිබෙන එමිරේට්ස් ගමනාන්ත 120කට වැඩි ගණනකට හෝ ඉදිරියේ දී විවෘත කරන ගමනාන්ත වෙත ගමන් කරන ගුවන් මගීන්ට මෙම සහන ගාස්තු ලබාදෙන බව එම සමාගම සඳහන් කරනවා. මෙම ගුවන් ප්‍රවේශපත් 2021 සැප්තැම්බර් 06 වැනිදා සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා වෙන්කරවා ගත හැකි අතර ඒවා 2021 සැප්තැම්බර් 09 වැනිදා සිට 2022 මාර්තු 31 වැනිදා දක්වා සංචාරය කිරීමට වලංගුවනවා. 

මෙම සහන ගාස්තු Economic Business සහ පළමු පංතිය සඳහා අදාළ වනවා. ඒ අනුව Economic පංතියෙන් පැරිසියට ගොස් පැමිණීමේ ගාස්තුව සියළු බදු ඇතුළත්ව ඇ.ඩො 550කින් (පවතින විනිමය අනුපාතයට අනුව රුපියල් 110,000 පමණ) ආරම්භ වන බව සමාගම පවසනවා. මේ අතර සියළු බදු ඇතුළත්ව මෙම කාල සීමාව තුළදී Economic පංතියෙන් ලන්ඩනයට හෝ නයිරෝබි වෙත යෑමට සහ ඒමට ගාස්තුව ඇ.ඩො 750කින් (රුපියල් 150,000 පමණ) ආරම්භ වන අතර නිව්යෝක් දක්වා යෑමට සහ ඒමට ඇ.ඩො 835කින් ද (රුපියල් 167,000ක් පමණ) ටොරෙන්ටෝ දක්වා ඇ.ඩො 1,100කින් ද (රුපියල් 220,000ක් පමණ) සහන ගාස්තු ආරම්භ වනවා. මෙම සියළුම ප්‍රවේශපත්වල මිල ප්‍රවේශපත් මිලදී ගන්නා දිනයේ දී තිබෙන විනිමය අනුපාතය අනුව තීරණය කෙරෙනවා. 

මෙම ටිකට්පත් එමිරේට්ස් ගුවන් ගමන් සමාගමේ වෙබ් අඩවියෙන්, ට්‍රැවල් ඒජන්ත සමාගම් මාර්ගයෙන් හෝ එමිරේට්ස් විකුණුම් කාර්යාලයෙන් වෙන්කරවා ගත හැකියි. 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එමිරේට්ස් සිය ගෝලීය ජාලය ආරක්ෂාකාරී සහ තිරසාර ලෙස ක්‍රම ක්‍රමයෙන් නැවතත් ගොඩනැඟූ අතර අද මගී ගුවන්ගමන් ගමනාන්ත 120කට වැඩි ප්‍රමානයක් සේවා ක්‍රියාත්මක කරනවා. එමන්ගින් මගීන්ට ඩුබායි හරහ ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියා පැසි‍ෆික් කලාපයට පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව උදාකර දී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu