gossiplanka alexa රජයේ ආදායම් පහළට, මුදල් ඇමති බැසිල් වියදම් සීමා කිරීමට ගත් පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ ආදායම් පහළට, මුදල් ඇමති බැසිල් වියදම් සීමා කිරීමට ගත් පියවර

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල සන්දේශයක් මඟින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරමින් පෙන්වා දී ඇත්තේ රජයේ අත්‍යාවශ්‍ය පුනරාවර්තන වියදම් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන තරමට රජයේ ආදායම අපේක්ෂිත මට්ටමටත් වඩා පහත වැටී ඇති බවයි.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා එන්නත්කරණය සිදු කිරීම, සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, බලපෑමට ලක් වූ පවුල්වෙත සහන සැලසීම යනාදිය සඳහා රජය ගත් කඩිනම් පියවර හේතුවෙන් 2021 වසර සඳහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 2694ක පුනරාවර්තන වියදම තවදුරටත් වැඩි වීමේ ප්‍රවණතාවයක් ඇති බව එහි දී මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

මේ හේතුවෙන් වියදම් පාලනය සඳහා රාජ්‍ය වියදම් පොදුවේ අහුරා තැබීම වෙනුවට අමාත්‍යවරුන් විසින් තම අමාත්‍යාංශවල වියදම් සීමා කිරීමට කටයුතු කිරීම වඩාත් ඵලදායී බවට මුදල් ඇමතිවරයා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරවනවා.

ඒ සඳහා ගත හැකි පියවරයන් කිහිපයක්ද මුදල් ඇමතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා. 

  • නියමිත අනුමැතියන් යටතේ ප්‍රතිපාදන වෙන්වී තිබුණ ද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත් හි‍ටුවීම. 

  • සේවකයි බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු කර තිබුණද, දැනට ආරම්භ කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීම.

  • සුභ සාධන වැඩසටහන් යටතේ හඳුනාගෙන ඇති ප්‍රතිලාභී ලේඛන සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යයෙන්ම ප්‍රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීම.

  • අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක්, සුබ සාධක වැඩසටහන සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබා දීම නතර කිරීම.

  • සේවා අවශ්‍යතාව මත අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ, අනුමැතීන් යටතේ ගෙවනු ලබන වැ‍ටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය සමාලෝචනය කර පොදුවේ සියළුම නිලධාරී කණ්ඩායම් වෙත ලබා දීම වෙනුවට සත්‍ය වශයෙන්ම කාර්යයයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීම. 

  • මුල්‍ය සංවර්ධන වැඩසටහන් යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් කරනු ලබන විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ හා උපකරණ බෙදා දීම සහ සහනදායී බැංකු ණය ආධාර නොවන මූල්‍ය ප්‍රදාන ලෙස දෙනු ලබන ආධාර සමාලෝචනය කර ඒවා අත් හි‍ටුවීම. 

  • සිය අමාත්‍යාංශවල කාර්යයන් හා විෂයයන් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනවල දක්වා ඇති සුවිශේෂී ප්‍රමුඛතාවලට ඍජුව අදාළ නොවන සියළුම ආකාරයේ වැඩසටහන් සඳහා වියදම් දැරීම වහාම අත් හි‍ටුවීම. 

  • තම ආයතනවල නිලධාරීන් චක්‍රීය ක්‍රමයට සේවයට කැඳවන අවස්ථාවල දී නිලධාරීන්ගේ පැමිණීම පදනම් කරගත් දීමනා (ඉන්ධන දීමනා වැනි) සේවයට වාර්තා කරනු ලබන දිනවලට පමණක්  ලබා ගන්නා ක්‍රමවේද වැනි වියදම් පාලන ක්‍රම පිළිබඳව ලේකම්වරුන්ගෙන් යෝජනා ලබා ගැනීම. 

ඉහත ක්‍රියාමාර්ග ගැනීමෙන අන්තුරුව ඒ ඒ අමාත්‍යවලින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය පිළිබඳ විස්තර නොපමාව භාණ්ඩාගාරය වෙත දැනුම්දෙන ලෙස තම ලේකම්වරුන්ට නියම කරන්නැයි ද මුදල් අමාත්‍යවරයා කැබිනට් ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu