gossiplanka alexa කොවිඩ් පරදන ඖෂධ මංජුසාවක් රටේ සෑම නිවසකටම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් පරදන ඖෂධ මංජුසාවක් රටේ සෑම නිවසකටම

කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් දියත් කිරීමට සූදානම්ව පවතිනවා. ඒ අනුව  ජනතාව කොවිඩ් රෝගයෙන් මුදා ගැනීම සඳහා දිවයිනේ සමස්ත පවුල් සංඛ්‍යාව ආවරණය වන පරිදි ප්‍රතිශක්ති වර්ධන දේශීය ඖෂධ සහ ප්‍රතිශක්ති වර්ධන කැඳ ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මෙම වැඩපිළිවෙල යටතේ ආයුර්වේද සූත්‍ර කමි‍ටුව මඟින් අනුමත 'සුවධරණි' ප්‍රතිශක්තිජනක වර්ධන පානය, ගුඩුව්‍යාදි (කෂාය), පාණ්ඩය සහ ඖෂධීය ප්‍රතිශක්ති වර්ධක කැඳ ඇසුරුම් දිවයිනේ සියළුම ගෘහ ඒකකවලට ලබා දීමට යෝජනා වී තිබෙනවා. 

මෙහි පළමු අදියර ලෙස ඇඳි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුල ආදායම් අහිමි වූ පවුල් ලක්ෂ 25ක් සඳහා මෙම ඖෂධය ලබා දීමට සැලසුම් කර ඇති අතර ඉතිරි සියලුම පවුල් ලක්ෂ 35ක ප්‍රමාණයක් සඳහා ද මෙම ඖෂධ මංජුසාව ලබා දීමට සැලසුම් සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම එක් ඖෂධ මංජුසාවක් සඳහා රුපියල් 1000ක පිරිවැයක් දැරීමට සිදුවන අතර පවුල් ලක්ෂ 25ක් සඳහා රුපියල් මිලියන 2500ක් ද ඉතිරි පවුල් ලක්ෂ 35 සඳහා රුපියල් මිලියන 3500ක් ද වශයෙන් මුළු වියදමක් දැරීමට සිදුවන බව ඇස්තමේන්තුගත කර තිබෙනවා. 

ඒ අනුව සම්පූර්ණ මුදල වන රුපියල් මිලියන 6000ක මුදලක් මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට සෞඛ්‍ය ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය ඇමති මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා. 

මෙම ඖෂධය ආයුර්වේද අතරමැදි මධ්‍යස්ථාන, රෝහල් සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේවාව යටතේ ලබා දීමට නියමිතයි. එහෙත් එසේ ලබා දීම පමණක් ප්‍රායෝගික නොවන නිසා පෞද්ගලික අංශය සහ වෙළඳපොළ දෛනික ඉල්ලුම හරහාද මෙම ඇසුරුම් බෙදා හැරීම වේගවත් කිරීමට පියවරගන්නා බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය ඇමතිවරයා මේ සඳහා වන වැඩපිළිවෙල අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu