gossiplanka alexa ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය අභියස ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය අභියස ?

මාරාන්තික කොවිඩ් ප්‍රභේද මතුවීමට පෙර කොවිඩ් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සියළු රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදය වඩාත් දරුණු වීමට පෙර එය මර්දනය කිරීමට පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය විදෙස් රටවලට අනතුරු අඟවා ඇත්තේ. 

මුල්වරට ඉන්දියාවෙන් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් අතර මේ වන විට එය රටවල් 132ක ප්‍රමාණයක ව්‍යාප්වතව තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ද මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් දිස්ත්‍රික්ක 11න් හඳුනාගෙන ඇති අතර කොළඹ, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, මාතලේ, වවුනියාව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිලිනොච්චි, යාපනය යන දිස්ත්‍රික්ක එයට ඇතුළත් වනවා. 

ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බව හොංකොං විශ්ව විද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා දැඩි ලෙස අනතුරු අඟවනවා. 

මේ වන විට පළාත් අතර සංචරණ සීමා ඉවත් කර සියළුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවා තිබෙන බැවින් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපඳිමින් කටයුතු කල යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. 

''ඩෙල්ටා ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදු වුණා. ඉදිරි සති කිහිපය තුළ එය ලංකාවට ද විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි මම අවධාරණය කරනවා. කෙසේ වුව ද සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම සඳහා එන්නත් මාත්‍රාවන් දෙකක් ලබා ගැනීම අවශ්‍යවනවා. නමුත් ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා 03ක ලබා ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ පිළිබඳව ජනතාවට හොඳින් උපදෙස් ලබා දී ඇතැයි බලාපොරොත්තුවනවා.'' යනුවෙන් මහාචාර්යවරයා අදහස් දක්වා ඇත්තේ කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ ව්‍යාප්තිය අවම කර ගැනීම පිළිබඳව ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu