gossiplanka alexa ප්‍රධාන රෝහල් 6ක කොවිඩ් ආසාදිත රෝගීන් ධාරිතාව ඉක්මවා යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රධාන රෝහල් 6ක කොවිඩ් ආසාදිත රෝගීන් ධාරිතාව ඉක්මවා යයි

ඩෙල්ටා ව්‍යාප්තියත් සමඟම මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් වැඩි නිසා මේ වන විට ප්‍රධාන රෝහල් 6ක ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බව වාර්තා වනවා. 

එම වාර්තාවලට අනුව කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල,  කළුබෝවිල රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, රාගම රෝහල සහ රත්නපුර රෝහල එසේ ආසාදිතයින් ඉක්මවා ගිය රෝහල් අතර වනවා. 

කළුබෝවිල රෝහලේ කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණය 91ක් වුවත් මේ වන විට එම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 286 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. එසේම කරාපිටිය රෝහලේ ආසාදිතයින් සඳහා ඇඳන් 70ක් වෙන් කර ඇති නමුත් ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය 210කට අධික වනවා. 

කොවිඩ් ආසාදිතයින් සඳහා ඇඳන් 108ක් වෙන් කර ඇති මහනුවර රෝහලේ මේ වන විට ආසාදිතයින් 188 දෙනෙකු ද, ඇඳන් 240ක් වෙන් කර ඇති රාගම රෝහලේ ආසාදිතයින් 311ට ආසන්න පිරිසක් ද ප්‍රතිකාර ලබනවා. කොළඹ ජාතික රෝහලේ ද කොවිඩ් ආසාදිතයින් සඳහා ඇඳන් වෙන් කර ඇත්තේ 549ක්. නමුත් එම රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 600කට ආසන්නයි. 

එසේම කොවිඩ් ආසාදිතයින් සඳහා ඇඳන් 61ක් වෙන් කර ඇති රාගම රෝහලේ ආසාදිතයින් 106කට අධික පිරිසක් ප්‍රතිකාර ලබනවා.

මීට අමතරව දික්ඔය වැනි ප්‍රාදේශීය රෝහල් කිහිපයකම කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රමාණය රෝහල් ධාරිතාව ඉක්මවා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu