![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihWXUj0eDydIIq38ukrNl_M-F1UY2cNPFWZCCFc0r9PnKf3mNSWzNtIAfLK2GLWZoM8YOuHagf_S9p4-PjIsFXQGHRSM87pCufNUC0FmY32M1YWh0bVwOxkRJZvJGIyn6cD0HRa5_0CDad/s0/children-corona-spread-ridgway-hospital.jpg)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමුන් ප්‍රමාණය ඉහළ යාමෙන් එම ප්‍රමාණය ධාරිතාව ඉක්මවා තිබෙනවා. මේ වන විට දිනක් තුල ළමුන් අවම වශයෙන් 15-20ක් අතර ප්‍රමාණයක් කොරෝනා ආසාදිතව හඳුනාගන්න බවයි වෛද්‍ය ජී විජේසූරිය මහතා වැඩි දුරටත් කියා සිටින්නේ.
මේ හේතුවෙන් කොරෝනා ආසාදිත දරුවන් වෙනත් රෝහල්වෙත මාරු කර යැවීමට මේ වන විට පියවර ගනිමින් සිටිනවා. එසේ මාරු කර යැවූවත් තවමත් රෝහලේ ඉඩ පහසුකම් නොමැති තත්ත්වයක් මතුව ඇති බැවින් රාජගිරිය ප්‍රදේශයේ වෙනත් ගොඩනැගිල්ලක් ද දරුවන් රැඳවීම සඳහා යොදා ගෙන තිබෙනවා.
තත්ත්වය මේ ආකාරයෙන් දිගින් දිගටම පැවතියහොත් එම ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවනු ඇතැයි වෛද්‍යවරයා පවසනවා.