gossiplanka alexa කොරෝනා වසංගතය අවසන් කිරීමට නොහැකි තත්ත්වයක්, ඩෙල්ටා පැතිරීම වේගවත් - ලෝක සෞඛ්‍ය සංවිධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වසංගතය අවසන් කිරීමට නොහැකි තත්ත්වයක්, ඩෙල්ටා පැතිරීම වේගවත් - ලෝක සෞඛ්‍ය සංවිධානය

unable to control corona during high spreadන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. 

එම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ කොළඹ, කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශවලින්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු සහ නාවික හමුදාවේ කිහිපදෙනෙකු ද මේ අතර වනවා. 

එසේම තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 25 දෙනෙකුගේ සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනය වෙත යවා ඇති බවත් ඉන් 14ක් ' ඩෙල්ටා' බවට සැක කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබෙනවා. 

වරින් වර තවමත් කොවිඩ් පොකුරු මතුවන බැවින් මෙම තත්ත්වය නිසියාකාරව පාලනය නොකළහොත් වෛරසය මුළු රටටම පැතිර යාමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පෙන්වා දෙනවා. 

මේ අතර ව්‍යාප්තව යන කොවිඩ් ප්‍රභේදවල ඉහළ සම්භාවිතාව හේතුවෙන් කොරෝනා වසංගතය අවසන් කිරීමට ඉඩක් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රභේද 4ක් සමඟ කොරෝනා වසංගතය අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එයින් ඉන්දියාවෙන් පලමු වරට සොයා ගැනුනු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. 

ඉදිරියේ දී පාලනය කිරීමට අපහසු වඩාත් ක්ප්‍රභල කොවිඩ් ප්‍රභේද මතු වීමේ අවදානමක් ද ඇති විය හැකි බවත් ඒවා ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට වැඩි වම්භාවිතාවක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව අනතුරු අඟවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu