gossiplanka alexa කොරෝනාවෙන් දැඩිව පීඩාවට පත් රටක් ලෙස ලංකාව බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාවෙන් දැඩිව පීඩාවට පත් රටක් ලෙස ලංකාව බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවට

Srilanka to Britain red listශ්‍රී ලංකාව නැවත වතාවක් කොරෝනා වෛරසයෙන් දැඩිව පීඩා විඳින අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ  කොරොනා වසංගතය පිළිබඳව දිනපතා දැනුවත් කිරීමේ ඊයේ (03) සවස පැවති මාධ්‍ය හමුවේදී. 

එහිදී ප්‍රකාශ කෙරුනේ ශ්‍රී ලංකාව ඇතුළුව ඇෆ්ගස්නිස්ථානය, බහරේන්, කොස්ටරීකා, ඊජිප්තුව, සූඩානය,  ට්‍රිනිඩෑඩ් සහ ටොබෙයිගෝ යන රටවල් මෙසේ රතු ලැයිස්තුවට ඇතුලත් කරන බව ප්‍රකාශ කෙරුණා. 

ඒ අනුව ලබන 08 වනදා උදෑසන 4 සිට අත්‍යාවශ්‍ය සේවාවකට හැර මෙම රටවල්වල සිට බ්‍රිතාන්‍යයට කිසිවෙකුට ඇතුල් විය නොහැකි අතර බ්‍රිත්‍යාන්‍ය වැසියන්ට ද සංචාරය තහනම් වනවා. 

ශ්‍රී ලංකාවේ සිට ඉතාමත්ම අත්‍යාවශ්‍ය කාරණාවකට බ්‍රිතාන්‍යයට යන්නේ නම් එම පුද්ගලයා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර කොරෝනා ආසාදිතයෙක් නොවන බවට තහවුරු කළ යුතු අතර ඉන්පසු දින දහයක හෝටල් නිරෝධායනකට යොමුවිය යුතු වනවා. ඒ සඳහා වැය වන මුදල බ්‍රිතාන්‍ය පවුම් 1750කි.  එය ලංකාවේ මුදලින් රුපියල් 490,000ක් පමණ වනවා. 

කොරෝනා වසංගතය ආරම්භයේ දී පටන්ම බ්‍රිතාන්‍ය ශ්‍රේණිගත කිරීමවලට අනුව ශ්‍රී ලංකාව පැවතියේ කොළ ලැයිස්තුවේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu