gossiplanka alexa ඉන්ධන මිල ඉහළ දැමීමේ චෝදනාවට විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රතිචාර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන මිල ඉහළ දැමීමේ චෝදනාවට විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රතිචාර

response to allegation of fuel price increaseනතාවට දුෂ්කර මෙවැනි අවස්ථාවලදී ඉන්ධන මිල ඉහළ දැමීම නිසි කලට අවශ්‍ය තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස දන්වමින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්වෙන ලෙස දන්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් ඊයේ ලිපියක් නිකුත් කෙරුණා. 

නමුත් ඉන්ධන මිල ඉහළ දැමූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්ව බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධානියෙකු මාධ්‍ය වෙත දන්වා තිබෙනවා. එසේම මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙන් මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කරන ලද්දේ බලශක්ති අමාත්‍යාංශයේ තීරණයකට අනුව නොවන බවයි. 

එම නිලධාරියා වැඩි දුරටත් පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමූයේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතියට යටත්ව බවයි. ලංකාවේ නීතිය යටතේ ඉන්ධන මිල වැඩි කිරීමට සහ ඉන්ධන මත බදු පැනවීමට පූර්ණ බලතල ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බව ඔහු පවසා තිබෙනවා. 

ඒ අනුව නිසි ක්‍රියාවලියකට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කල බවත් අදාළ ඉන්ධන මිල වැඩි කිරීමේ මාධ්‍ය හමුවට මුදල් අමාත්‍යවරයා සහභාගී වූ බවත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරිවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍යාංශයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව සඳහන්. 

මේ අතර මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කලේ ලංකාවේ මූල්‍ය ස්ථාවරය වෙත බලපෑමක් ඇති වීම වැළැක්වීමට බවයි.  මහ බැංකිව විසින් ඉදිරියට ඇති අවදානම රජයට පෙන්වා දීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව රාජ්‍ය ඇමැතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu