gossiplanka alexa දිනකදී කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි, රට බරපතල තත්ත්වයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිනකදී කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවයි, රට බරපතල තත්ත්වයක

srilanka serious condition covid infection
දැ
නට ශ්‍රී ලංකාව තුළ පැතිරයන කොවිඩ් ප්‍රභේදය මඟින් පෙනහළුවලට බරපතල හානි සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. පෙනහළුවල නිව්මෝනියා තත්ත්වයක් ඇති කරවීම මෙන්ම එම නිව්මෝනියා තත්ත්වය රුධිරය කැටිගැසීමත් සමඟ පැමිණෙන බැවින් මෙය ඉතා බරපතල බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට වෛදයවරුන්ට දැඩි අපහසුතාවයක් හටගෙන ඇති බව කොළඹගේ මහතා අදහස් දක්වමින් පවසනවා. මෙම වෛරසය ආසාදනය වූ රෝගීන්ට ඉතාමත් ඉක්මනින් ඔක්සිජන් වැඩි සාන්ද්‍රණයක් ලබා දීම අත්‍යාවශ්‍ය නිසා සෑම රෝගියෙකුටම එසේ ඔක්සිජන් ලබා දීමට සිදු වුවහොත් තත්ත්වය ඉතා බයානක වන බවයි ඔහු පවසන්නේ. 

ඒ නිසා සෑම පුරවැසියෙක්ම මෙම තත්ත්වය සුළුවෙන් නොතකා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස භාවිතා කල යුතු බව වෛද්‍යවරයා වැඩි  දුරටත් කියා සිටිනවා. 

මේ වන විට රෝගීන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කිරීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඉදිරි සති කිහිපයේ දී රෝගීන්ගේ වැඩි වීමේ ප්‍රවණතාවයක් ඇති බවයි ඔවුන් පවසන්නේ. කුමන දත්ත හෝ ප්‍රකාශයන් නිකුත් කළ ඉන්දියාව මෙන් රට ඉතාමත් බරපතල තත්ත්වයකට ගමන් කරමින් සිටින බව ඔවුන් අනතුරු අඟවනවා. 

එම නිසා රජයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙය සුළුවට නොතකා කටයුතු කරන ලෙසයි. මෙය පළමු හෝ දෙවන ‍රැල්ල නොවන බැවින් මෙය ඉතා භයානක ‍රැල්ලක් විය හැකි බව ඔවුන් අවධාරණය කර සිටිනවා. 

මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවා වාර් තා වුණා. ඒ අනුව ආසාදිතයින් 2672ක් මේ දක්වා හඳුනාගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu