gossiplanka alexa දේශපාලන බලපෑම් නිසා කොවිඩ් පාලනය අවදානම් තත්ත්වයක, PHI සංගමයෙන් රතු එළියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශපාලන බලපෑම් නිසා කොවිඩ් පාලනය අවදානම් තත්ත්වයක, PHI සංගමයෙන් රතු එළියක්

Corona risk situation from PHIකොවිඩ් වසංගත තත්ත්වය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානමක් පවතින අවස්ථාවේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන් ද තමන්ට බලපෑම් එල්ලවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

මෙම හේතුව නිසා බිම් මට්ටමේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කලකිරීමට පත්ව ඇතැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඔවුන් ඉදිරියේ දී කොවිඩ් පාලන ක්‍රියාවලිය තවදුරටත් සිදු කරයි ද යන්න ගැටළුවක් ඇති බවත් ඔහු පවසනවා. 

තවදුරටත් අදහස් දක්වන උපුල් රෝහණ මහතා කියා සිටින්නේ මේ වන විට රෝගීන් වාර්තා වීම 70%කින් වැඩි වී ඇති බැවින් රෝගීන් සංඛ්‍යාව පාලනය නොකළහොත් ඉදිරියේ දී ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක සහ ඖෂධවල හිඟයක් ඇති වීමට හැකි බවයි. 

රෝගීන් වාර්තා වීම ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඒ හේතුවෙන් රෝගීන් ප්‍රතිකාර මධයස්ථාන වෙත යොමු කිරීමේ බරපතල ගැටළුවක් මතුව ඇති බවත් උපුල් රෝහණ මහතා පවසනවා. 

මේ තත්ත්වය යටතේ කොවිඩ් පාලනය කිරීම වෙනුවෙන් ප්‍රදේශ හුදකලා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය හැර වෙනත් කිසිදු දේශපාලන අධිකාරියකට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැති බවයි උපුල් රෝහණ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu