gossiplanka alexa මොනයම් මොහොතක හෝ ගංවතුරක් ඇතිවිය හැකියි, ගංවතුර මට්ටම ගැන දැනුවත් වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මොනයම් මොහොතක හෝ ගංවතුරක් ඇතිවිය හැකියි, ගංවතුර මට්ටම ගැන දැනුවත් වන්න

ත්නපුර දිස්ත්‍රික්කයට අධික වර්ෂාවක් පතිත වන බැවින් මැයි හෝ ජූනි මාස වලදී මොනයම් හෝ මොහොතක ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ කමි‍ටුවේ සභාපති හා කොවිඩ් මර්දන කමි‍ටුවේ සභාපති මාලනී ලොකුපෝතාගම  මහත්මිය පවසනවා. 

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඊට අවශ්‍යව සිදු කළ යුතු සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බව ඇය පවසනවා. 

ජනතාව මෙම ගංවතුර අනතුර පිළිබඳව ඉතා අවධානයෙන් සිටිය යුතු බව ඇය පවසනවා. මේ වන විට කළු ගඟේ සහ කළු ගඟේ අතු ගංගා 6ක් වන වේ ගඟ, දෙනවක ගඟ, නිරිඇල්ල ගඟ, කුරු ගඟ, ගලතුර ඔය, කුකුලේ ගඟ යන ගංගාවල පූර්ව ගංගවතුර අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවිකර තිබෙනවා. මෙම ගංගාවල වතුර මට්ටම් පෙන්වන යන්ත්‍ර කළු ගඟ, රත්නපුර මුවගම, වේ ගඟ, කහවත්ත, දෙනවක ගඟ, පැල්මඩුල්ල, නිරිඇල්ල ගඟ, ඇළපාත, කුරුගඟ, කුරුවිට,ගලතුර ඔය, අයගම, කුකුළේ ගඟ, කලවාන යන ස්ථානවල ස්ථාපිත කර තිබෙනවා. 

කළු ගඟේ ජල මට්ටම ඉහල යන අවස්ථාවල දී රත්නපුර, මුවගම ජල මාපකයට අනුව ගං වතුර අනතුරු ඇඟවීමේ මට්ටම (Alert level) ලෙස සැලකෙන්නේ මීටර් 5 යි. 

එසේම සුළු ගංවතුර තත්ත්වයක් (Minor flood) ඇති වීමේ අවදානම ලෙස ජල මට්ටම මීටර 7.5ක් ලෙස ද, මහා ගං වතුර තත්ත්වයක් (Major Flood) ඇති වීමේ අවදානම ලෙස ජල මට්ටම මීටර 9.5ක් ලෙසත් අති විශාල ගං වතුර තත්ත්වයක් (Critical flood) ලෙස ජල මට්ටම මීටර 10.5ක් ලෙසත් සැලකෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu