gossiplanka alexa හිමිකාරීත්වයක් නොමැති සමාජ මාධ්‍ය පාලනයට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිමිකාරීත්වයක් නොමැති සමාජ මාධ්‍ය පාලනයට පියවර

decision to control social mediaමෙරට සමාජ මාධ්‍ය ජාලා අතරින් 17%ක් පමණම නිශ්චිත අයිතියක් නොමැතිව ක්‍රියාත්මක වන බැවින් ඒවා පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. 

සමාජ මාධ්‍ය මඟින් සිදු කරන බරපතල විවේචන සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටළුවක් නැතත් හිමිකම් නොමැති සමාජ මාධ්‍ය මඟින් වගකීම් විරහිතව සිදු කරනු ලබන විවේචන සම්බන්ධයෙන් පියවර ගත යුතු බව අමාත්‍යවරයා පවසනවා. 

යම් පුද්ගලයෙකුට චෝදනාවක් එල්ල කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා සිටීමේ අයිතිය අදාළ පුද්ගලයාට ද තිබිය යුතු බවත් හිමිකාරීත්වයක් නොමැති සමාජ මාධ්‍ය මඟින් සිදු කරන චෝදනා වලට පිළිතුරු දීමට අවස්ථාවක් ලබා නොදීම නිසා බොහෝ පිරිසක් අසරණ වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා. එසේම  ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ලොව බලවත් රටවල් පවා මෙම හිමිකාරීත්වයක් නොමැති සමාජ මාධ්‍ය පාලනය කිරීමට නීති ගෙන එමින් සිටින බව ද අමාත්‍යවරයා පවසනවා. 

පුද්ගලයින්ට නිර්දය ලෙස පහර දීමේ අරමුණින් පවත්වාගෙන යන ඇතැම් සමාජ මාධ්‍ය නිසා නිත්‍යානුකූලව පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවන් ද අපහසුතාවයට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu