gossiplanka alexa ඉන්දියාව හරහා මාරාන්තික දිලීර රෝගයක්, ලංකාවේ ධනවතුන් රටින් පිටවෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාව හරහා මාරාන්තික දිලීර රෝගයක්, ලංකාවේ ධනවතුන් රටින් පිටවෙයි ?

Deadly fungal disease in indiaකොවිඩ් 19 වෛරසයේ දැඩි බලපෑමකට ලක්ව ඇති ඉන්දියාවේ තවත් මාරාන්තික දිලීර රෝගයක් පැතිරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර් තා කරනවා. 

මේ වන විට කළු දිලීරය ආසාදිත කොරෝනා රෝගීන් 50 දෙනෙකු පමණ එරටින් හඳුනාගෙන ඇති බව ආරංචි මාර් ග සඳහන් කරනවා. 

දිගු කාලයක් දැඩි සත්කාර ඒකකවල රඳවාගෙන සිටින හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මෙම දිලීර රෝගය නිසා මරණයට පත් වීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. Mucormycosis නම් මෙම දිලීර රෝගය පෙනහළුවලින් ආරම්භ වී ශරීරයේ අස්ථි සහ අනෙකුත් පටකවලට ද පැතිරෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. 

කොරෝනා ආසාදිත රෝගීන්ට ද කොරෝනා ආසාදිතව සුවය ලබා ඇති පුද්ගලයින්ට ද මෙම රෝගය බහුල වශයෙන් වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා. 

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ ඉන්දියාව හරහා එම කළු දිලීර වසංගතය මෙරටට ද පැමිණීමේ අවදානමක් ඇති බවයි. එසේම ශ්‍රී ලංකාව ඉදිරි සතිය වන විට කොරෝනා වෛරසයේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි ද සභාපතිවරයා පවසා තිබෙනවා. 

මේ හේතුව නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයින්, විදෙස් ව්‍යාපාරිකයින්, ධනවතුන් මෙන්ම ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් රටින් පිටව යාම ආරම්භ කර ඇති බවයි ඔහු වැඩි දුරටත් පවසා තිබෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu