gossiplanka alexa ඉන්දියානුවන්ගේ උපක්‍රම නිසා ලංකාව අනතුරේ, බලධාරීන් වහාම පියවර ගත යුතුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියානුවන්ගේ උපක්‍රම නිසා ලංකාව අනතුරේ, බලධාරීන් වහාම පියවර ගත යුතුයි

න්දියාවේ ව්‍යාප්තවන මාරාන්තික කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රටවල් කිහිපයක්ම මේ වන විට ඉන්දියාවට විදෙස් ගමන් තහනම් පනවා තිබෙනවා. 

නමුත් ලංකාව මෙතෙක් එසේ විදෙස් ගමන තහනමක් පනවා නොමැති බැවින් ඉන්දියානු ජාතිකයින් ලංකාවට පැමිණ මෙරට සිට වෙනත් රටවල් බලා ගුවන් ටිකට් පත් වෙන්කර ගැනීම හේතුවෙන් ඉන්දියාවේ පැතිරයන මාරාන්තික වෛරසය ලංකාව තුළද ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. 

ඉන්දියානුවන් මෙරටට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනය වී වෙනත් රටවල් කරා සංචාරය කරන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

මේ මඟින් ඉන්දියානුවන් මෙරටට පැමිණෙන ගුවන් යානයේ ගමන් ගන්නා මගීන්, ගුවන් කාර්ය මණ්ඩලය, ගුවන් තො‍ටුපොළ කාර්ය මණ්ඩලය සහ ඔවුන් නිරෝධායනය සඳහා යොමුවන හෝටල්වල කාර්ය මණ්ඩලය ආදී පාර්ශව කිහිපයක්ම අවදානමට ලක්වන බව ඔහු පවසනවා. එසේම ඉන්දියාවේ පවතින මාරාන්තික වෛරසය මෙරටට ඇතුළු වුවහොත් දැනට රටේ ඇති වී තිබෙන තත්ත්වය තවත් ව්‍යාකූල වන බවට ද හෙතෙම අනතුරු අඟවනවා. 

මතුව ඇති තත්ත්වය තව තවත් උග්‍ර අතර හැරීමට පෙර මේ  සම්බන්ධයෙන් වහාම අවදානය යොමු කළ යුතු බවත් මේ පිළිබඳව සිවිල් ගුවන් සේවා අධිකාරියට ද සෞඛ්‍ය බලධාරීන්ට ද ලිඛිතව දැනුම් දී ඇති බවත් උපුල් රෝහණ මහතා පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu