gossiplanka alexa නව ප්‍රභේදයත් සමඟ රටම තීරණාත්මක අවධියක, එංගලන්තයෙන් හමු වූ ප්‍රභේදය දැයි සැකයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව ප්‍රභේදයත් සමඟ රටම තීරණාත්මක අවධියක, එංගලන්තයෙන් හමු වූ ප්‍රභේදය දැයි සැකයක්

මෙරටින් පසුගිය කාලයේ හමු වූ කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් බොහොමයක් රෝග ලක්ෂණ නොපෙන් වූ නමුත් නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ හමුවන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ බහුලව දක්නට ඇති බවත්, සංකූලතා රාශියක් මතුවීම නිසා එම ආසාදිතයින් නිව්මෝනියා තත්ත්වයට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවත්, ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. 

කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙරට දී කරන පී.සී.ආර් පරීක්ෂණවලින් දැනට පැතිර යන කොවිඩ් ප්‍රභේදයේ ඇතුලත් 'S' ජානය හඳුනාගැනීම අපහසු බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. ඒ හා සමාන තත්ත්වයක් පසුගිය දෙසැම්බරයේ දී එංගලන්තයේ දක්නට ලැබුණු බවත් ඉන් පසුව  නැමැති ප්‍රභේදය හඳුනාගත් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා. 

ඒ අනුව දැනට සමාජ ගත වී ඇති මෙම වෛරසයේ ජාන විශ්ලේෂණ කටයුතු අද (27) ආරම්භ කිරීමට නියමිත අතර ඒ පරීක්ෂණවල ප්‍රතිපල දින 7ත් 10ත් අතර කාලයක දී ලබා දීමට නියමිතව තිබෙනවා. 

සීඝ්‍රයෙන් ව්‍යාප්තවන මෙම කොවිඩ් පොකුර හමුවේ මුළු රටම තීරණාත්මක අවධියකට මුහුණ දී ඇති බවයි ජීවන්දර මහතා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu