gossiplanka alexa රන්ජන් රාමනායකගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායකගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුද ?

න්ජන් රාමනායක මහතා පිට පිටම මාස තුනක කාලයක් පාර්ලිමේන්තු ‍රැස්වීම්වලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරනු ලැබුවා. 

රන්ජන් රාමනායක මහතාට මාස තුනක නිවාඩුවක් අනුමත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවස්ථා කීපයකදීම යෝජනා කළ නමුත් එම යෝජනා ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ අනුව පසුගිය 06 වනදා වන විට රාමනායක මහතාට නිවාඩු අනුමත නොවීම නිසා ඊයේ (07) ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වුණා.

ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (01) වගන්තිය ප්‍රකාරව, රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීම නිසා පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

එම දැනුම් දීමත් සමඟම එකී පුරප්පාඩුව පිරවීමට තීරණය කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ගම්පහ තේරීම් භාර නිලධාරියා වෙත දන්වා යැවීමට තීරණය කෙරුණා. එහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් ගම්පහ තේරීම් භාර නිලධාරියාට දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරට හිස්ව ඇති බැවින් ප්‍රතිඵල ලේඛනයේ රාමනායක මහතාට පසුව වැඩිම ඡන්ද ලබාගෙන සිටින අපේක්ෂකයා නම් කර එවන ලෙසයි.

ඒ අනුව එම ස්ථානයේ සිටින සමඟි ජනබලවේග පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයෙකු ලෙස පත් කෙරෙන අතර අදාළ ගැසට් නිවේදනය අද (08) නිකුත් කරනු ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu