gossiplanka alexa විදෙස් රටවල වෛරස් ප්‍රභේද මෙරටින් හමුවූ ප්‍රදේශ, බත්තරමුල්ල වැඩිහිටි නිවාසයකින්ද විකෘති වෛරස් ප්‍රභේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් රටවල වෛරස් ප්‍රභේද මෙරටින් හමුවූ ප්‍රදේශ, බත්තරමුල්ල වැඩිහිටි නිවාසයකින්ද විකෘති වෛරස් ප්‍රභේදයක්

කුණු අප්‍රිකාවේ ඇති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වන අතර දෙදෙනාම කටාර් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ. 

මේ අතර බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින්, සපුගස්කන්ද ප්‍රදේශයෙන්, යාපනය, කොළඹ සහ කෑගල්ල ප්‍රදේශ වලින්ද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ඒවා B.1.411 යන වෛරස් කාණ්ඩයට අදාළ බව තහවුරු වුවත් එම වෛරස් සාම්පල වල යම් විකෘති භාවයක් පෙන්නුම් කර තිබෙනවා. මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ.

එසේම B.1.1.7 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. එම පුද්ගලයින්ගෙන් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් ද එක් අයෙකු මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහනය සඳහා අත්අඩංගුවට ගත් ධීවරයෙක් ද වනවා. 

තවද ඩෙන්මාර්ක් / ඉරාකයේ ව්‍යාප්තවන B.1.428 කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu