gossiplanka alexa කාන්තා මළ සිරුරේ තොරතුරු හෙළිවේ, ඝාතක SI සියදිවි නසා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාන්තා මළ සිරුරේ තොරතුරු හෙළිවේ, ඝාතක SI සියදිවි නසා ගනී

සුගිය පළමුවනදා කොළඹ, වේල්ලවීදියෙන් හමුවූ හිස නැති කාන්තා මළසිරුර පිළිබඳව තොරතුරු දැනගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා තිබුණා. 

ලැබූ තොරතුරු අනුව පරීක්ෂණ ආරම්භ කල පොලීසියට තොරතුරු ‍රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

ඒ අනුව මෙම කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය නැමැති අවිවාහක කාන්තාවකගේ බව පොලිසීය විසින් සොයා ගෙන තිබෙනවා. 

මෙම ඝාතනය සිදු කර ඇත්තේ බුත්තල පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු බව අනාවරණය කරගෙන තිබෙනවා. ඔහු අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නමැති පනස් හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

මෙම පොලිස් නිලධාරියා ඇමති ආරක්ෂක අංශයේ ද සේවය කර ඇති බවට තවදුරටත් තොරතුරු හෙළි වී තිබෙනවා.

මෙම සැකකරු පසුගිය 27 වන දින බුත්තල පොලීසියෙන් නිවාඩු ලබා පැමිණ එදිනම රාත්‍රී 10ට පමණ ඔහු මෙම කාන්තාව සමඟ හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වන කාමරය කුලියට ගෙන ඇති බවට හෙළි වී තිබෙනවා. ඉන්පසු මොවුන් දෙදෙනා තුන් වතාවක් හෝටලයෙන් පිටතට ගොස් තිබෙනවා.

ඔහු පෙරේදා (01) එම හෝටලයෙන් උදෑසන 10ට පමණ පිටව යන්නේ හෝටල් බිල ලෙස රුපියල් 4100ක් ද ගෙවා දමමින්. එසේ පිටව යාමට පෙර ඔහු මෙම කාන්තාව ඝාතනය කර ඇති ඇති බවට අනාවරණය වී තිබෙනවා.

කාන්තාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්. හෝටලයෙන් පිටවයන ඔහු ඝාතනය කල කාන්තාවගේ මළ සිරුර බහාලූ බෑගය ද ත්‍රී රෝද රථයක දමාගෙන හංවැල්ල නගරයට ගොස් තිබෙනවා.  

මෙම කාන්තාව මිය ගොස් පැය ගණනකට පසු ඇයගේ හිස ක‍ඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරෙනවා. ඒ හේතුවෙන් අධික රුධිර වහනයක් සිදු වී නැහැ. කෙසේ වෙතත් මේ වන තෙක් එම කාන්තාවගේ හිස කොටස හමුවී නැති බවයි වාර්තා වන්නේ.

සැකකරු මළ සිරුර බහා ලූ බෑගය ද ‍රැගෙන හංවැල්ල බස් නැවතුමෙන් කොළඹ බස් රථයකට ගොඩ වී ඇති බව විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෘත දේහය සහිත බෑගය වේල්ලවීදියෙන් සොයා ගත් පසුව පොලිසීය මහජනතාවගෙන් සහාය පතා මාධ්‍ය මඟින් ප්‍රචාරණය වීමත් සමඟම සැකකරු යැයි සිතිය හැකි පුද්ගලයෙක් හෝටල් හිමිකාරිනියට දුරකතන ඇමතුමක් ලබා දි තමාගේ තොරතුරු පිටතට ලබා දුන්නොත් මරා දමන බවට තර්ජනය කර තිබෙනවා. 

ඝාතනය සිදු කල සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව අනාවරණය වීමත් සමඟම පොලීසිය ඔහුව සොයා නිවසට ගිය අවස්ථාවේ දී ඔහු න්වසෙන් පැනගොස් ඇති බව සඳහන්.

ඔහු නිවසෙන් පැන යාමට පෙර තම බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද ලියා තබා තිබෙනවා. තමන් ලොකු වරදක් කල බවත් ඒ නිසා සිදුවන නින්දා අපහාස විඳදරාගෙන ජීවත් වන ලෙසත් මවගේ තුන් මාස දානය දෙන ලෙසත් ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බව සඳහන්. එසේම පොලීසියට සොයා ගත හැකි ස්ථානයක දී තමන් සිය දිවි හානි කර ගන්නා බවද ලිපියේ සඳහන් වනවා.

සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානිකරගෙන ඇති බවත් ඔහුගේ සිරුර හමුවී ඇති බවත් පොලීසිය පවසනවා.

මියගිය තරුණිය නිවසින් පිටවී ඇත්තේ තමන් ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසමින්. එම කාන්තාව ඝාතනයට ලක් කල උප පොලිස් පරීක්ෂකවරයාට අවුරුදු 18 සහ අවුරුදු 10ක දරුවන් දෙදෙනෙක් සිටින බවටයි වාර්තා වන්නේ.





 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu