gossiplanka alexa පාස්කු ප්‍රහාරයේ මොළකරුවන්ට දඬුවම් පැමිණවීමට අගරදගුරු තුමාගෙන් කාලයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයේ මොළකරුවන්ට දඬුවම් පැමිණවීමට අගරදගුරු තුමාගෙන් කාලයක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් පැමිණවීම සහ ඒ සම්බන්ධ නීතිමය කටයුතු එළඹෙන 21 වනදා වන විට විනිවිදභාවයකින් සිදු නොවුණහොත් අප්‍රේල් 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවා, කළු ඇඳුම් ඇඳ ඒ සම්බන්ධව විරෝධය පළ කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා. 

පාස්කු විමර්ශන කොමිෂන් වාර්තාවේ ඇති බොදු බල සේනා සංවිධානය වැනි බෞද්ධ සංවිධාන තහනම් කිරීම පිළිබඳව ද අගරදගුරුතුමා අදහස් දක්වා තිබෙනවා.

අගරදගුරුතුමා පවසන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සහ ඊට අනුබල දුන් අය අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවයි. 

ලබන අප්‍රේල් 21 වැනිදාට පෙර පාස්කු ප්‍රහාරයේ චූදිතයින් නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් ජාත්‍යන්තරය තුළින් ඒ සඳහා සාධාරණයක් ඉ‍ටුකර ගැනීමට බලාපොරොත්තු වන බව ද අගරදගුරුතුමා ප්‍රකාශ කර තිබෙනවා.

තමාට මේ වන විට ලැබී ඇත්තේ පාස්කු කොමිසන් වාර්තාවේ පළමු වෙළුම පමණක් වන බවත් එසේ වුව ද එම කොමිසම පිළිබඳව ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ හැකි බවත් අගරදගුරුතුමා පවසනවා.


 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu