gossiplanka alexa කොවිඩ් මරණ භූමිදානය සඳහා වූ මාර්ගෝපදේශ, ඥාතීන් දෙදෙනෙකුට සහභාගී විය හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් මරණ භූමිදානය සඳහා වූ මාර්ගෝපදේශ, ඥාතීන් දෙදෙනෙකුට සහභාගී විය හැකියි

කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව,

01. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් විසින් නොපමාව සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුය.

02. එසේ දැනුම් දීමෙන් අනතුරුව එම මෘතදේහය භූමිදානය කිරීමේ එකඟතාවය අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයා හෝ වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා විසින් අදාළ මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගෙන් ලබා ගත යුතුය.

03. හදිසි මරණ පරීක්ෂණ වර්තාවේ දී මරණය භූමිදානයට ගෙන යන ස්ථානය ද ඇතුළත් විය යුතුය.

04. දේහය ‍රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දීම රෝහල් අධ්‍යක්ෂකවරයාගේ හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රධානියාගේ වගකීම වේ.

05. දේහය බහාලීම සඳහා වන පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුය.

06. මිය පුද්ගලයාගේ දේහය භූමිදානය සඳහා ‍රැගෙන යන දිනය අදාළ බලධාරීන් විසින් ඥාතීන්ට දැනුම් දිය යුතුය.

07. සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමවේදයන්ට අනුව ආගමික වතාවත් සිදු කිරීමට අවස්ථාව හිමි වන්නේ මළ සිරුර භූමිදානය කිරීම සඳහා ‍රැගෙන යාමට සූදානම් කිරීමේ දීය.

08. කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය සහ වැලිකන්ද රෝහලේ සිට මිය ගිය කොවිඩ් ආසාදිතයින්ගේ දේහයන් භූමිදානය සඳහා ‍රැගෙන යන අතර එම ස්ථාන දෙකට අදාළ දේහයන් ගෙනවිත් භාරදීම ඒ ඒ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් විසින් සිදු කල යුතුය. 

09. සෑම දිනකම පෙරවරු 5.30ට එම ස්ථාන දෙකෙන් දේහයන් නාච්චිකුඩා තො‍ටුපොළ දක්වා ‍රැගෙන යන අතර එතැන් සිට ඉරණතිව් දූපත බලා දේහන ‍රැගෙන යනු ලබයි.

10. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව මියගිය පුද්ගලයාගේ දේහය හඳුනා ගැනීමට සම්බන්ධ වන පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඉරණතිව් දූපත වෙත යාමට අවසරය ඇත.

11. අවසන් කටයුතු කිරීමේ දී දේහය ඇතුළත් පෙට්ටිය හැසිරවීම යනාදී කටයුතු සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට අවසරය නැත.

12. දේහය තැන්පත් කර ඇති පෙට්ටිය කිසිදු අවස්ථාවක දී විවෘත කිරීමට අවසරය නැත. 

13. දේහය භූමිදානයට ගෙන යාමේ දී ආරක්ෂක අංශවල ආරක්ෂාව සපයනු ලබයි.

14. සියළු කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුබ්ගේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි.












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu