gossiplanka alexa ශීඝ්‍රයෙන් පැතිරයන දීලීර රෝගයක්, ප්‍රතිකාර නොගතහොත් භයානකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශීඝ්‍රයෙන් පැතිරයන දීලීර රෝගයක්, ප්‍රතිකාර නොගතහොත් භයානකයි

''ටිනියා'' නම් දිලීරය ආසාදනය වීමෙන් ඇති වන චර්ම රෝගයක් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා ඒකකයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසනවා.

මෙම චර්ම රෝගය මේ වන විට පැතිර යමින් පවතින්නේ රජරට ප්‍රදේශයේ  බව ඇය පවසනවා.

වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඉක්මනින් ආසාදනය වන මෙම රෝගය ස්පර්ශය මඟින් හෝ ආසාදිත පුද්ගලයෙකුගේ ඇඳුම් මඟින් හෝ කෙනෙකුට බෝ විය හැකි බවයි වෛද්‍යවරිය වැඩි දුරටත් පවසන්නේ.

මෙම රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ දී නියමිත ඖෂධ, නියමිත මාත්‍රාවකින් නියමිත කාලය තුළ ලබා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ඇය පෙන්වා දෙනවා.

එසේම යම් හෙයකින් එසේ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වුවහොත් මෙම දීලීර රෝගය සුව නොවීමට පවා හැකියාව පවතිනවා. රෝගය වැළඳුණු පුද්ගලයෙක් නිසි ලෙස ප්‍රතිකාර නොගතහොත් කල් යාමේ දී එය සුව කර ගැනීමට විශාල මුදලක් වියදම් කර මිල අධික ඖෂධ ලබාගැනීමට සිදුවන බවයි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසන්නේ.

විශේෂයෙන් ශරීරයේ ඉකිළි, කිහිලි හා පියයුරුවලට යටින් මෙන්ම මුහුණ ආශ්‍රිතව මෙම 'ටිනියා' දිලීර ව්‍යාප්තිය බහුලව දක්නට ලැබෙනවා.

වෛද්‍යවරිය පවසන්නේ රජරට ජනතාව වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ භාවිතා කිරීම නිසා මෙම චර්ම රෝගය රජරට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu