gossiplanka alexa සීනි ආනයනික බද්ද අඩු කිරීම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්, බදු අඩු කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක් ලැබුණා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීනි ආනයනික බද්ද අඩු කිරීම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්, බදු අඩු කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක් ලැබුණා ද?

සීනි කිලොවක් සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද රුපියල් 49.75කිනඩු කිරීම නිසා රුපියල් කෝටි 1500කට අධික මුදලක් රජයට පාඩු සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. 
 
එසේ පාඩු සිදු වී ඇති බව අනාවරණය වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 14 වන දා සිට මේ වසරේ පෙබරවාරි 20 දක්වා කාලය තුළ ආනයනය කල සීනි සඳහායි.

එම කාලය තුළ සීනි කිලෝ 3,20,627,650ක් ආනයනය කර තිබෙනවා. එම සීනි සඳහා කිලොවකට සත 25 බැඟින් බදු අය කිරීමේ දී 15,951,598,724ක් උපයාගෙන තිබෙනවා. එහෙත් එයට රුපියල් 50ක බද්දක් අය කළේ නම් එයින් ලැබෙන බදු මුදල 16,031,382,499ක්.

මේ පිළිබඳව අනාවරණය වි ඇත්තේ රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ දී. මෙසේ සීනි අනයනය සහ සීනිවලට පාලන මිලක් පැනවීම නිසා පාරිභෝගිකයාට සහනයක් ලැබුණාද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා තිබුණ අතර එම වාර්තාව ඊයේ (09) ලබා දී තිබුණා.

එහිදී කිසියම් බද්දක් පැනවීමේ දී එම බද්දේ වාඩිය සෘජුවම පාරිභෝගිකයා වෙත යොමු නොවන බවත් ඒ සඳහා වෙනත් සාධක ගණනාවක් ද බලපාන බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහි දී පවසා තිබෙනවා.


මේ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට මීට වඩා වැඩි වැඩ කොටසක් කළ හැකිව තිබූ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu