gossiplanka alexa 'කළු ඉරිදා' දිනය දුරදිග යන ලකුණු, මහා සංඝ රත්නයේ ද සහාය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'කළු ඉරිදා' දිනය දුරදිග යන ලකුණු, මහා සංඝ රත්නයේ ද සහාය

පාස්කු ප්‍රහාරයට ලක්ව මිය ගිය සහ තුවාල ලැබූවන්ට සාධාරණයක් ඉ‍ටුකර ගැනීමට තවදුරටත් නිහඬව සිටිය යුතු නැතැයි කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා ඒකමතිකව තීරණය කර තිබෙනවා.

වත්මන් රජයබලයටපත් වීමෙන් පසු ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට දඬුවම් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එම බලාපොරොත්තු සුන් වීඇති බව පියතුමන්ලා පවසනවා.

එම නිසා පාස්කු කොමිෂන් වාර්තාව මුල් කරගෙන කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා විසින් ලබන ඉරිදා (07) ''කළු ඉරිදාවක්'' ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එදිනට සියළු ක‍තෝලික දේවස්ථානවල විශේෂ යාඥාවක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.

මේ අතර මෙසේ ''කළු ඉරිදාවක්'' නම් කිරීම සාධාරණ බවත් ඒ සඳහා මහා සංඝරත්නයේ සහයෝගයද නිරතුරුව ලබා දෙන බවත් අස්ගිරි මහවිහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu