gossiplanka alexa රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා නිතරඟයෙන් පත්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා නිතරඟයෙන් පත්වෙයි

ත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය පසුගියදා රත්නපුර “නිලානී” හෝටලයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව පැවැත්වුණා. එහිදී 2021-2022 කාලසීමාව සදහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වීමට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සමත් වුණා.

මීට පෙර කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා ලෙස වසර 05 කාලයක් කටයුතු කර තිබෙනවා. කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ පසු 2020 වර්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගිහාන් වීරසිංහ මහතා විසින් කංචන ජයරත්න මහතාට සුබපැතුම් එක් කරනු ලැබුවා.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 2021-2022 කාල සීමාව සදහා වූ නව නිලධාරී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාත්, ලේකම්වරයා ලෙස එරංග ප්‍රසාද් මහතාත්, උප සභාපතිවරුන් ලෙස දමිත් බටවල, කමල් සිසිර කුමාර, අජන්ත සුගතදාස යන මහත්වරුන් සහ උප ලේකම් ලෙස ගයාන් කුඩාගම මහතාත්, භාණ්ඩාගාරික ලෙස එල්මෝ සූරිය ආරච්චි මහතාත් කටයුතු කරනු ඇති.

මෙහිදී අදහස් දක්වමින් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නව සභාපති කංචන ජයරත්න මහතා ප්‍රකාශ කරන ලද්දේ රත්නපුර දිස්ත්‍රික් සභාවේ ක්‍රීඩා සංගම්වල විශාල ඉල්ලීමක් මත නිලවරණය ඉදිරිපත්වීමට තීරණය කළ බවයි. ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙත් සියළු ක්‍රීඩා සමාජ වලත් අභිවෘද්ධිය අරමුණු කොටගෙන ක්‍රීඩා අමාත්‍යතුමාගේ සහයෝගයත්, ක්‍රීඩා අමාත්‍යාංශයේත් සහයෝගය ඇතිව, දිස්ත්‍රීක්කයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගණය හැකි ඉක්මණින් විවෘත කිරිමට ද පියවර ගනිමින් ඉදිරියේ දී පාසල් ක්‍රීකට් ක්‍රීඩාව මෙන්ම  කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ද ජාතික කණ්ඩායම් නියෝජනය කිරිමට ක්‍රිඩකයින් පෙළගැස්වීමට තමාට හැකි උපරිමයෙන් ශක්තිය, ධෙර්යය යොදවන බව ද ඔහු පැවසුවා.

කංචන ජයරත්ත මහතා සභාපති, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, උප සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය, ආදි වශයෙන් ක්‍රීඩා සංගම් රැසක ද තනතුරු හොඹවනු ලබනවා.  





 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu