gossiplanka alexa ප්‍රංශයේ, පෝලන්තයේ නගර හුදකලා කෙරේ, බ්‍රසීලයේ අවදානම් තත්ත්වයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රංශයේ, පෝලන්තයේ නගර හුදකලා කෙරේ, බ්‍රසීලයේ අවදානම් තත්ත්වයක්

ප්‍රංශයේ පැරිස් අගනුවර ඇතුළු නගර 16ක් සති 4ක කාලයකට හුදකලා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතයේ තෙවන ‍රැල්ලක් ඇති වීමේ අවදානමක් මතු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

පසුගිය නොවැම්බරයෙන් පසු එම නගරවල කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය සීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබුණා. කෝටි 2කට අධික ජනගහණයක් මෙම නගර තුළ ජීවත්වනවා.

එසේම පෝලන්තයේ ද අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල්, හෝටල් ක්‍රීඩා සහ සංස්කෘතික මධ්‍යස්ථාන සති 3ක කාලයකට වසා දමා තිබෙනවා. 

කෙසේ වෙතත් සිය රට නැවත වසා දැමීමට මෙතෙක් තීරණය කර නැතැයි ජර්මන් චාන්සලර්වරිය සඳහන් කරනවා. එසේම ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය නැවතත් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.  

අදාළ එන්නත ලබා දීම ආරක්ෂිත හා ප්‍රතිඵලදායක බවට යුරෝපා ඖෂධ ඒජන්සිය මඟින් තහවුරු කිරීමෙන් පසුව යුරෝපා සංගමයේ ප්‍රධාන රටවල් කිහිපයක්ම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ජනතාවට ලබා දීම යළි ආරම්භ කර තිබෙනවා.

මේ අතර දැඩි සත්කාර ඒකකවල සැපයුම් ධාරිතාව ඉක්මවා යෑම නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය කොවිඩ් රෝගීන්ගේ වෙන්ටිලේටර් ඉවත් කිරීමට බ්‍රසීලයේ ඇතැම් රෝහල් බලධාරීන් ක්‍රියාකරමින් සිටිනවා.

සෑම ප්‍රාන්තයකම පාහේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් පිරී යාම නිසා අළුතින් පැමිණෙන රෝගීන්ට අවස්ථාව සලසා දීමට ඔවුන් මෙම පියවර ගන්නා බව පැවසෙනවා.

බ්‍රසීලයේ කොව්ඩ් රෝගීන් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් සිටින අතර රටේ සෞඛ්‍ය පද්ධතිය ද කඩා වැටී තිබෙනවා.

තමන් වසංගත යුද්ධයකට මුහුණ දී සිටින බවයි බ්‍රසීල ජනාධිපතිවරයා පවසන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu