gossiplanka alexa අළුත් අවුරුද්ද ඉල්ලක කරගනිමින් පිළිකා කාරක පොල්තෙල් වෙළඳපොළේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත් අවුරුද්ද ඉල්ලක කරගනිමින් පිළිකා කාරක පොල්තෙල් වෙළඳපොළේ ?

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල්  තොගයක වරායේ තිබෙන බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා. 

කන්ටේනර් 13ක බහාලූ එවැනි පොල් තෙල් පරීක්ෂා කිරීමේ දී ඒවා පිළිකා කාරක බවට හෙළි වී තිබෙනවා.

මෙම තෙල් පිළිබඳව පරීක්ෂණ වාර්තාව ලැබෙන විටත් එම තෙල් තොගය රට පුරා බෙදා හැර අවසන් බවයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ලේකම් බුද්ධික ද සිල්වා මහතා පවසන්නේ.

එම සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සිංහල අළුත් අවුරුද්දට පෙර මෙරට වෙළඳපොළේ ඇති සහ දැනට රේගුවේ පවතින විදේශීය රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකල පොල්තෙල්, ෆාම්තෙල් පරිභෝජනයට සුදුසු ද යන්න පරික්ෂා කර ජනතාව දැනුවත් කරන ලෙසයි.

මෙසේ පිරිපහදු නොකල පොල් තෙල් ගෙන්වා ඇත්තේ සිංහල අළුත් අවුරුද්ද ඉලක්ක කර ගෙන බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය වැඩි දුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu