gossiplanka alexa විදෙස්ගතව සිටින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අවදානමක, ජාවාරම්කරුවන් සොයා පුළුල් පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගතව සිටින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අවදානමක, ජාවාරම්කරුවන් සොයා පුළුල් පරීක්ෂණ

2020 අප්‍රේල් මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක සඳහන් වූයේ වංචනික ලෙස ලබාගෙන ඇති රුපියල් කෝටි 140ක මුදලක් යම් යම් අවස්ථාවල දී ශ්‍රී ලංකාවේ විවිධ පුද්ගලයින්ගේ ගිණුම්වලට බැර වී ඇති බවය.

එම පැමිණිල්ලට අනුව රහස් පොලීසිය විසින් පරීක්ෂණ පැවැත් වූ අතර එහි දී වරින් වර පුද්ගලයින් 36 දෙනෙකු මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැණුනා.

තව දුරටත් විමර්ශන සිදු කිරීමේ දී මෙලෙස මුදල් ලබා ගත් තවත් පුද්ගලයෙකු වවුනියාව චෙප්පකුලම් ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා. 

අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ පෞද්ගලික ගිණුමකට ඇමරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් බැර වී ඇති බව සොයා ගනු ලැබුවා.

යම් යම් පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් පිවිස එම ගිණුම් වලින් ලබා ගත් මුදල් මෙලෙස ඔහුගේ ගිණුමට බැර වී ඇති බවයි තොරතුරු හෙළි වී ඇත්තේ.

විවිධ පුද්ගලයින්ගේ ගිණුම් 'හැක්' කිරීමෙන් හා අනවසරයෙන් ඊට පිවිසීමෙන් අනතුරුව මෙම මුදල් වංචනික කණ්ඩායමක් විසින් මේ ආකාරයට පුද්ගලයින්ගේ ගිණුම්වලට බැර කරන බව සොයාගෙන තිබෙනවා.

මෙම ජාවාරමේ නිරත පුද්ගලයින් තවත් මෙරට සිටින බව තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර විදේශගතව සිටින පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් පිවිස ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් මුදල් වෙනත් අයගේ ගිණුවලට බැර කරන ජාවාරම්කරුවන් සොයා රහස් පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu