
මින් ඉදිරියට බර වාහන රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමෙන් පමණක් මගී බස් රථ ධාවනය කල නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ අනුව සියළුම මගී බස් රථ රියදුරන් මෙම නව බලපත්‍රය ලබා ගත යුතුවනවා. එසේම සියළුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් ලබා දෙනබවත් අමාත්‍යවරයා පවසනවා.
එසේ අළුතින් හඳුන්වා දෙන නව රියදුරු බලපත්‍රය ලබා ගැනීමට වසරක කාලයක් ලබා දෙනු ඇති. ඒ සඳහා නව ආයතන හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ.
ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්තව සේවය කරන රියදුරන්ට මෙම සේවාව පළමුව ලබා දෙනු ඇති.