gossiplanka alexa කඩිනමින් සංචරණ සීමා පැනවීමට සාකච්ඡාවක් ? මංගල උත්සව ප්‍රියසම්භාෂණ තහනම් වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කඩිනමින් සංචරණ සීමා පැනවීමට සාකච්ඡාවක් ? මංගල උත්සව ප්‍රියසම්භාෂණ තහනම් වන ලකුණු

ශීඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් රට කිසිසේත්ම වසා දැමීමට කටයුතු නොකරන නමුත් යම් යම් සංචරණ සීමා කඩිනමින්ම පැනවීමට සිදුවන බව වසංගත රෝග, කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. 

ඒ ගැන විශේෂ සාකච්ඡාවක් අද (15) දිනයේ දී සිදුවන බව අමැතිවරිය කියා සිටිනවා,

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් වැඩිපුර හමුවන ප්‍රදේශ අනුව අදාළ සීමා පැනවීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

එසේම විශාල පිරිස් සහභාගීවන මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ ඇතුළු අනෙකුත් උත්සව බොහෝ දුරට නතර කිරීමට කටයුතු කරන බවත් ඒ ගැන අද දින තීරණයක් ගන්නා බවත් රාජ්‍ය ඇමතිවරිය සඳහන් කරනවා.

පසුගිය දිනවල පැවැත්වුණු මංගල උත්සවවලදී කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ බවට තොරතුරු වාර්තා වූ නිසා විශාල පිරිස් සහභාගීවන එවැනි උත්සව යම් කාලයකට නතර කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu