gossiplanka alexa මාරාන්තික කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණියේ කෙසේ ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාරාන්තික කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණියේ කෙසේ ද ?

බ්‍රිතාන්‍යයේ මාරාන්තික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වරස් නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් මෙරටට පැමිණ ඇත්තේ සයිප්‍රසය, ජෝදානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් හරහා බව යුධ හමුදාපතිවරයා පවසනවා. 

මෙම කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 16 දෙනෙකු මෙරටින් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී හැකි වුණා. ඉන් 13 දෙනෙකු පොම්පෙමඩු සහ මුලංකාවිල් යන යුධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාව වලින් සොයා ගැනීමට හැකි වුණා.

අනෙක් තිදෙනාගෙන් එක් අයෙක් කොළඹ හැව්ලොක් සිටි හි පිහිටි ඉදිකිරීම් වැඩබිමක සේවයේ නියුතු පුද්ගලයෙක් වන අතර තවත් පුද්ගලයෙක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සොයා ගනු ලැබුවා.

මේ වන ව්ට ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සොයා නිරෝධායනය සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් දින 14ක් වෙනුවට එම පුද්ගලයින් දින 21ක් නිරෝධායනය සඳහා යොමු කරන බවත් යුධ හමුදාපතිවරයා පවසනවා.

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් මෙරටින් හමු වීමත් සමඟ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදු විය යුතුද යන්න තීරණයක් අද හෝ හෙට දින ගන්නා බව ඔහු වැඩි දුරටත් පවසනවා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුවවිසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පවත්වනු ඇති.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu