gossiplanka alexa පළාත් තුළ කොවිඩ් 19 වෛරය ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩි වීමක්, එන්නත්කරණය ඉක්මන් කල යුතුයි - GMOA

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පළාත් තුළ කොවිඩ් 19 වෛරය ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩි වීමක්, එන්නත්කරණය ඉක්මන් කල යුතුයි - GMOA

ස්නාහිර පළාතෙන් බැහැරව අනෙක් පළාත් 8ම කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම 60%කින් ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය පෙර පැවතියේ 15%ත් 20%ත් අතර ප්‍රමාණයකයි. 

විශේෂයෙන්ම බදුල්ලේ කොවිඩ් ව්‍යාප්තියේ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරන බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. එසේම නුවර ද අවදානම වැඩි වී තිබෙන අතර දිස්ත්‍රික්ක 22න්ම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මෙසේ වෛරස ව්‍යාප්තිය වැඩි වීමත් සමඟම රටම අවදානම් තැනකට ගමන් කරමින් සිටින බව හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙනවා. 

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී වෛද්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් සීමාසහිත සම්පත් ‍රැක ගැනීම ගැන මෙහි දී අවධානය යොමු කල වෛද්‍යවරයා පද්ධතියට ඔරොත්තු දෙන ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

මේ වන විට රෝගීන්ගේ අඩු වීමක් පෙන්නුම් කරන්නේ සැබෑ ලෙසම රෝගීන් අඩු වීම නිසා නොව පරීක්ෂණ ප්‍රමාණයේ අඩු වීමක් නිසා බව ඔහු පවසනවා. එම නිසා පරීක්ෂණ ප්‍රතිපල ප්‍රමාදවීම සම්බන්ධයෙන් බලධාරීන් පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙනවා.

එසේම ඉතා කඩිනමින් ජනතාව එන්නත්කරණය සිදු කල යුතු බවත් මරණ අනුපාත වළක්වා ගැනීමට නම් එය අනිවාර්යයෙන් කළ යුතු බවත් වෛද්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටිනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu