gossiplanka alexa ජිනීවා මානව හිමිකම් සමුළුවේ සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජිනීවා මානව හිමිකම් සමුළුවේ සංවිධායක කමි‍ටුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසකින් විරෝධය

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමි‍ටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. 
 
කොවිඩ් 19 වෛරස් තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට හැකියාව තිබිය දී ත් Online තාක්ෂණය ඔස්සේ සමුළුව පැවැත්වීම අසාර්ථක ප්‍රයත්නයක් බව රටවල් බොහෝ ගණනක් පෙන්වා දී තිබෙනවා. එසේ කල ඉල්ලීම් පිළිනොගෙන ජිනීවා මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය තීරණය කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා. 

කෙසේ වෙතත් මේ මස 23 වනදා ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවට තමා ඇතුළුව ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස තාOnline ක්ෂණය ඔස්සේ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට සම්බන්ධවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

එහිදි 23-24 යන දින දෙකෙන් එකකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් සමුළුව ඇමතීම සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටිනවා.

කොවිඩ් 19 වෛරසය රට තුළ පැතිරයාම මර්දනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියදී රට අපකීර්තියට පත්කිරීමේ අරමුණෙන් වැරදි මතවාදී ඇතුළත් කරමින් ඉතා ප්‍රෝඩාකාරී ලෙස කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සකස් කල වාර්තාව මේ වන විටත් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිටත් කටයුතු කර ඇති බව ඇමතිවරයා පවසනවා.

මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී විවේචන එල්ල වුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් මෙවර සමුළුවේ දී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව රටවල් ‍රැසක්ම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට දැනුම් දී ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu