gossiplanka alexa ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂ, විපක්ෂ රටවල්, ශ්‍රී ලංකාවට එරෙහිව ලංකාවෙන්ම විරෝධතා ව්‍යාපාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂ, විපක්ෂ රටවල්, ශ්‍රී ලංකාවට එරෙහිව ලංකාවෙන්ම විරෝධතා ව්‍යාපාරයක්

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇති චෝදනා වලට විරුද්ධව රටවල් 21ක් තම පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාවට දක්වා තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව පෙනී සිට ඇත්තේ රටවල් 15කි.

රුසියාව, චීනය,පකිස්තානය, ඉරානය, වියට්නාමය,මාලදිවයින, කියුබාව, නිකරගුවාව, එරිත්‍රියාව, නේපාලය, කාම්බෝජය, ලාඕසය, අසර්බයිජානය, වියට්නාමය, බෙලාරූස්, උතුරු කොරියාව, කැමරූන්, ගැබොන්, පිලිපීනය, සිරියාව සහ ඊජිප්තුව ශ්‍රී ලංකාවට පක්ෂපාතීව තම ස්ථාවර අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට විරුද්ධව අදහස් දක්වා ඇත්තේ එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, බෙල්ජියම, උතුරුමැසඩෝනියාව, ස්විට්සර්ලන්තය, මාර්ෂල් දූපත්, මොන්ටෙනොග්‍රො, අයර්ලන්තය,  කැනඩාව, ඇමරිකාව, නෝර්වේ, යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාවයි. 

ජපානය මේ පිළිබඳව මධ්‍යස්ථ ස්ථාවරයක් දක්වා ඇති අතර ඊයේ වන විටත් ඉන්දියාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් පසුවුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වෙනුවෙන් ඉක්මනින් ඡන්ද විමසීමක් සිදුවනු ඇතිබව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මාර්තු 19වනදා සැසි වාරය අවසන් වීමට නියමිත වුවත් තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව ඡන්දයට ගන්නා දිනක් නියම වී නැති බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් හඬ නැඟූ රටවල් අතරින් ඡන්දය හිමි රටවල් ඇත්තේ කිහිපයකි. අමෙරිකා එක්සත් ජනපදයට පවා මෙවර ඡන්දය හිමිව නැහැ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වන යෝජනාවට සහාය පළ කරමින් හෙට (01) යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ උතුරු නැ‍ඟෙනහිර පළාත් සංගමය පළාත් දෙකම ආවරණය වන පරිදි යළි විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu