gossiplanka alexa ආරූඪ අමනුෂ්‍ය දෝෂයක් පලවා හැරීමට කල වේවැල්පහරින් අහිංසක දැරියක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරූඪ අමනුෂ්‍ය දෝෂයක් පලවා හැරීමට කල වේවැල්පහරින් අහිංසක දැරියක් මරුට

සිරුරට ආරූඪ වී සිටින අමනුෂ්‍ය දෝෂයක් පලවා හැරීම සඳහා දැරියකට වේවැල් පහර ලබා දීම නිසා එම දැරිය මිය යෑමේ සිද්ධියක් දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

මෙසේ මිය ගොස් ඇත්තේ දෙල්ගොඩ, කඳුබොඩ ''නිදා පදනම'' නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කා පාතිමා රිෆ්කා නැමති අට හැවිරිදි දැරියකි.

මිය ගිය දරියගේ සිරුරට අමනුෂ්‍ය දෝෂයක් ආරූඪ වී ඇතැයි සිතා ශාන්තිකර්මයක් සිදු කිරීමට ඇයගේ මව නිවසට ආසන්නයේ පවත්වාගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයකට දැරිය කැඳවා ගොස් තිබෙනවා. ඒ පසුගිය පෙබරවාරි 27 වන දින දහවල් 1.00ට පමණ.

ඉන්පසු මෙම ශාන්තිකර්ම මධ්‍යස්ථානය තුළ ශාන්තිකර්මය සිදු කල මුස්ලිම් ජාතික කාන්තාව විසින් දැරියට ශාන්තිකර්මයේ දී වේවැලකින් පහර දී තිබෙනවා. එම පහර දීමේ දී දැරිය සිහිසුන් වී ඇති අතර පසුව ඇය බියගම රජයේ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. එහිදී දැරිය මියගොස් සිටි බව වෛද්‍යවරු පවසා තිබෙනවා. 

මෙම ශාන්තිකර්මය දින තුනක කාලයක් පවත්වා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ශාන්තිකර්මය සිදුකල කාන්තාව සහ දැරියගේ මව සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර මීහවත්ත පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.




 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu