gossiplanka alexa භාණ්ඩ මිල ඉහළ දමා වංචා සිදු කරන අලෙවිකරුවන් ගැන දැනුම් දෙන්න අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

භාණ්ඩ මිල ඉහළ දමා වංචා සිදු කරන අලෙවිකරුවන් ගැන දැනුම් දෙන්න අවස්ථාවක්

තැම් ආයතන විසින් පාරිභෝගිකයින්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබෙන පැමිණිලි හේතුවෙන් සතොස ඇතුළු පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන රාජ්‍ය හා පෞද්ගලික සියළු ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවය් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.

මෙම වැඩ පිළිවෙල යටතේ සිදු කල පරීක්ෂණයක දී බූස්ස සතොස තොග ගබඩාවේ කළමණාකරුගේ වැඩ තහනමට ලක් කර තිබුණා. ඒ වෙළඳපොලේ මිලට වඩා අඩු මිලට ජනතාවට ලබා දීමට සැලසුම් කර තිබූ තේ තොගයක් ජනතාවට ලබා නොදී රෙදි සෝදන සබන් සමඟ එකට ගබඩා කර තිබූ බවට අනාවරණය කර ගැනීමත් සමඟයි.

මෙසේ රාජ්‍ය ආයතනවල සිදුවන වංචාවන් පිළිබඳව තමන්ට තොරතුරු ලබා දෙන ලෙස බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu