gossiplanka alexa ජාතීන් අතර සුහදත්වය බිඳ දමන වෛරී ප්‍රකාශ සිදු කලේ මුදල් වලට ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතීන් අතර සුහදත්වය බිඳ දමන වෛරී ප්‍රකාශ සිදු කලේ මුදල් වලට ද?

ජාතීන් අතර සුහදත්වය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශවවලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත් කිරීම ආදී චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවෙක් ‍රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. 

ෆසාල් මොහොමඩ් නැමති මෙම පුද්ගලයාගේ ස්ථිර ආදායමක් ආනාවරණය වී නැතත් විමර්ශනවලදී ඔහුගේ ගිණුම්වලින් රුපියල් ලක්ෂ හයසිය විසි පහකට අධික මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

එසේම මෙම සැකකරු ගෙවල් කුලී වශයෙන් මසකට රුපියල් අසූ දහසක මුදලක්ද කුලී පදනම මත ලබා ගත් වාහනය සඳහා මසකට රුපියල් පනස්  දහසක මුදලක් ද කුලියට ලබා ගත් වෙළඳසැලක් සඳහහා මසකට රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක මුදලක් ද ගෙවන බව අනාවරණය වී තිබෙනවා.

මෙම සියළු කරුණු සලකා බලා ඔහුව දින අනූවක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය වන නිසා ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයා නියෝගයක් නිකුත් කර ඇති බැවින් බන්ධනාගාරගත කර සිටින සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන මෙන් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu