gossiplanka alexa සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා ව්‍යාප්තියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා ව්‍යාප්තියක්

සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. 

එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර අමාත්‍යාංශයේ අංශ 3ක් වසා දමා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර සේවයේ නියුතු ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේ මරණයට පත්ව ඇත්තේ නාත්තණ්ඩිය වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි උපුල් නිශාන්ත දිසානායක යන වෛද්‍යවරයාය.

එම වෛද්‍යවරයාට ඉදිරි දින කිහිපය තුළදී කොවිඩ් එන්නත ලබා දීමට නියමිතව තිබූ බව ඔහුගේ බිරිඳ පවසා තිබෙනවා.

මිය ගිය වෛද්‍යවරයාගේ අවසන් කටයුතු ඊයේ (18) ලන්ඩන් නුවරදී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu