gossiplanka alexa කොඩිකන්ද ලොකු හාමුදුරුවන් ඝාතනයේ සත්‍ය කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොඩිකන්ද ලොකු හාමුදුරුවන් ඝාතනයේ සත්‍ය කතාව

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් පසුගියදා පැහැරගෙනගොස් ඝාතනය කර පුළුස්සා දමා තිබුණා. එම ඝාතනයේ සුලමුල සොයා පොලීසිය සිදු කල විමර්ශනවලදී සියළු කරුණු අනාවරණය වුණා. 
 
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටියේ හංවැල්ල පොලිස් වසමේ තුම්මොදර ප්‍රදේශයේය. උඩුවිල  ධම්මසිරි හිමියෝ මෙම ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති වූ අතර උන්වහන්සේගේ වයස අවුරුදු 65ක්. තවත් ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ම මෙහි වැඩ සිටින අතර පිරිසක් පිවෙන් අධ්‍යාපනය ලබන අතර වයස අවුරුදු 12ක සාමණේර නමක් ද විහාරාධිපතිහිමිනම යටතේ පැවිදි දිවියට ඇතුලත් වී තිබුණා.

මෙම සාමණේර හිමිනම පසුගිය වසරේ සිවුරු හැර දා තම නිවසට ගොස් තිබෙන අතර මව්පියන්ගේ ආශිර්වාදයෙන් යළි සේනාසනයට පැමිණියේ මීට මාස දෙකකට පෙරය. උන්වහන්සේගේ දුක සැප බැලීමට දෙමාපියන් නිතර පැමිණි අතර දුරකතනයෙන් සුවදුක් විමසීම දිනපතා සිදුවුණා. 

මීට සති කිහිපයකට පෙර එසේ තම මවට දුරකතන ඇමතුමක් ලබා දුන් සාමණේර හිමිනම පවසා ඇත්තේ තමන්ට මෙම සේනාසනයේ තව දුරටත් ‍රැඳී සිටීමට අපහසු බවය. පුතුගේ කතාවෙන් සාමණේර හිමි නමගේ මව වන හිමාලිගේ හිත ගැස්සුණත් ලොකු හාමුදුරුවන්ගෙන් ගෙදරට ලැබෙන සැලකිලි හේතුවෙන් උන්වහන්සේ අමනාප කර ගැනීම නුවණට හුරු නොවන බව ඇය සිතන්නට වුණා.  කළ යුත්තේ කුමක්ද යන්න සැමියාගෙන් ද විමසුවත් ඇයට නිසි විසඳුමක් ලැබුණේ නැත.

සාමණේර හිමි නම පසුව තම අයියාද සේනාසනයට කැඳවා ගත් අතර ඔහුට ද ලොකු හාමුදුරුවන්ගෙන් හිරිහැර සිදුවන බැවින් ඔහු නැවත ආපසු ගෙන්වා ගන්නා ලෙස සාමණේට හිමිනම දුරකතනයෙන් මවට දැනුම් දුන්නා. පසුව හිමාලි පැමිණ ලොකු පුතා නිවසට ‍රැගෙන ගොස් විස්තර විමසීමේ දී ලොකු පුතා ද සියළු විස්තර හෙළි කර තිබෙනවා.

හිමාලි සාමණේර හිමිනමට ඉන්පසුව පවසා ඇත්තේ මේ පිළිබඳව ලොකු හාමුදුරුවන්ගෙන් කෙලින්ම ඇසිය නොහැකි බැවින් ලොකු හාමුදුරුවන් කරදර කරන අවස්ථාවක එය වීඩියෝ කර ගන්නා ලෙසයි. සාමණේර හිමිනම ද මව කී ලෙසම ලොකු හාමුදුරුවන් තමන්ට සිදු කරන කරදර වීඩියෝ කර මවට පෙන්වා තිබෙනවා.  පසුව හිමාලි විසින් ලොකු හාමුදුරුවන්ට මෙම වීඩියෝව පෙන්වා විමසා සිටිය ද ලොකු හාමුදුරුවන් ඒ අවථාවේ දී ඔවුන්ට සේනාසනයෙන් පිටව යන ලෙස පවසා තිබෙනවා. 

පසුව හිමාලි සිය පුතුද ‍රැගෙන නිවස වෙත ගොස් ඇති අතර පුතුට සිදු කරන අතවර වීඩියෝ කර ඇති නිසා එම වීඩියෝව මාර්ගයෙන් ලොකු හාමුදුරුවන්ගෙන් මුදල් ලබා ගැනීමට හිමාලිට අදහසක් පහළවනවා. ඇය මේ පිළිබඳව සැමියාට පැවසුවත් ඔහු ඊට එකඟතාව පළකරන්නේ නැහැ.

සුමිත් නැමැත්තෙකු සමඟ බ්‍රෝකර් වැඩ කටයුතුවල නිරත හිමාලි, පසුව මෙම යෝජනාව ඒ සුමිත් නැමැත්තාට පවසා සිටිනවා. උන්වහන්සේ ළඟ කෝටි ගණනක මුදලක් ඇති බවත් හිමාලි සුමිත්ට පැවසුවා. සුමිත් එම යෝජනාවට ඉහළින්ම කැමැත්ත පළ කර සිටිනවා. සුමිත්ගේ බිරිඳ පොලිස් නිලධාරිනියකි. සුමිත්ගේ බිරිඳ හෝ හිමාලිගේ සැමියා මොවුන් දෙදෙනා ගැන දැන සිටියත් ඒ පිළිබඳව කතාවට යන්නේ නැත.

කෙසේ හෝ සුමිත් සහ හිමාලි ලොකු හාමුදුරුවන්ගෙන් වීඩියෝව පොලීසියට දෙන බව පවසමින් මුදල් ඉල්ලා සිටියා. ලොකු හාමුදුරුවන් ද ලක්ෂ 5ක් ලබා දීමට කැමැත්ත පළ කර සිටියත් එය ලබා දීමට පියවර ගත්තේ නැහැ. මුදල් නොලැබෙනබව දැනගත් හිමාලිගේ ඊළඟ පියවර වුණේ හාමුදුරුවන් බිය වද්දා මුදල් ලබා ගැනීමය.

සුමිත් සමඟ එක්ව හාමුදුරුවන් පැහැරගෙන ගොස් මාකොළ නිවසක සඟවා තිබුණා. අත පය ගැටගසා පහර දීම් සිදු කළ නිසා පසුව ලොකු හාමුදුරුවන් අපවත් වී ඇති බව ඔවුන් දැනගත්තා. මෙම පහැර ගැනීමට සුමිත්ගේ යහළුවන් කීපදෙනෙක්ම සම්බන්ධ වී තිබෙනවා.

හාමුදුරුවන් අපවත් වූ බව දැනගත් පසු ඔවුන් උන්වහන්සේගේ මළසිරුර නාපාන පොදු සුසාන භූමියට දමා පුළුස්සා දමා තිබුණා. 

ලොකු හාමුදුරුවන් පැහැරගෙන යන අවස්ථාවේ දී පන්සලේ මහණ වීමට පැමිණි දරුවෙකු සහ ඔහුගේ පියා සිටි නිසා ඔවුන්ගෙන් ලබා ගත් කට උත්තර අනුව හිමාලිව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව පොලිසිය දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීමෙන් සැකකරුවන් සියල්ල අත් අඩංගුවට ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu