gossiplanka alexa ශ්‍රී ලංකාවට වාසනාව ගෙන එන රත්තරන් නිධිය කැණීමට සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවට වාසනාව ගෙන එන රත්තරන් නිධිය කැණීමට සූදානමක්

ශ්‍රී ලංකාවේ සේරුවිල බුත්තල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 54ක් පුරා විහිදී පැතිර ඇති නිධියක් කැණීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. එම නිධිය ශ්‍රී ලංකාවට ස්ව ශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරනු ඇති බවයි අපේක්ෂා කරන්නේ. 

මෙම නිධිය තුළ රත්තරන් සහ ත්ඹ ලෝහය විශාල වශයෙන් පවතින බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මෑතකදී සිදු කල පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

නවසියපනස් ගණන්වලදී මෙම නිධිය සම්බන්ධයෙන් අනාවරණය කර ගෙන ඇතත් එහි කැණීම් පිළිබඳව මෙතෙක් කිසිදු රජයක් ක්‍රියාත්මක වී නැහැ. ඉන්පසු 1971 දී භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව සිතියම් කිරීමේ දී මෙම නිධිය සොයාගත් බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්ද විමල් සිරිවර්ධන මහතා පවසනවා.

සේරුවිල නිධිය අරිප්පු, කොල්ලම්කුලම් සහ සේරුවිල වශයෙන් ප්‍රධාන කොටස් තුනකට අයත්වනවා. එයින් ප්‍රධාන නිධිය තිබෙන්නේ කොල්ලුකුලම් කොටසේය. මෙම නිධිය තුළ මීටර් 20ක් දක්වා පළල්ව ප්‍රධාන ධමනි 6ක් හෝ 7ක් පවතිනවා. මෙම කරුණු අනාවරණය වී ඇත්තේ ප්‍රංශ භූ විද්‍යා ආයතනය වන සමඟ එකතු වී 1979 සහ 80 වර්ෂවල සමීක්ෂණ කටයුතු කළ අවස්ථාවේ දීය. මිටර් 100ක් පමණ ගැඹුරට පවතින අරුප්පු න්ධියේ යකඩ මෙන්ම තඹද පිහිටා ඇති බව සහ තඹ තිබෙන ප්‍රදේශයේ රත්තරන්ද තිබෙන බව එම පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. එසේම මෙම නිධියෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදී එහි රත්තරන් තිබෙන බවට අනාවරණය කර ගැනීමට යක්කල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පරීක්ෂණාගාරයේ දී සිදුකල පරීක්ෂණවලින් හැකිවී තිබෙනවා. 

මෙරට ඛන්ජ සම්පත්වලින් උපරිම ප්‍රයොජන ගනිමින් රටේ ආදායම උපරිමව වර්ධනය කර ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේමෙම සේරුවිය නිධිය මෙන්ම බුත්තල කූරම්පල යපස් නිධිය සහ හලාවත පනිරෙන්ඩාව යපස් නිධිය පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා. එම යපස් නිධි කැණීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිරීමට නියමිතයි.

මේ පිළිබඳව වූ සාකච්ඡාවන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ පරිසර ආමාත්‍ය මහින්ද අමරවීර යන ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu