gossiplanka alexa ට්‍රම්ප් නිසා අමෙරිකාව නොසන්සුන්වෙයි, පුද්ගලයින් 4ක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ට්‍රම්ප් නිසා අමෙරිකාව නොසන්සුන්වෙයි, පුද්ගලයින් 4ක් මරුට

ජෝර්ජියාවේ සෙනෙට් මණ්ඩල නියෝජිතයන් තේරීමේ මැතිවරණය ජයගැනීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩන් අමෙරිකාවේ සෙනෙට් සභාවේ බහුතරය දිනාගනු ලැබුවා. මේ නිසා ඔහුට සෙනෙට් සභාවේ සහ කොංග්‍රසයේ සහ ධවල මන්දිරයේ පාලනය හිමි වුණා. 
 
එම ජයග්‍රහණයත් සමඟම කොංග්‍රසය ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කරන අවස්ථාවේ දී  පරාජිත ඩොනල්ඩ්ට්‍රම්ප්ගේ ආධාරකරුවන් උද්වේගකරලෙස හැසිරෙමින් කැපිටල් ගොඩනැඟිල්ලට කඩා වැදුණා. කොංග්‍රසය රැස්වන කැපිටල් ගොඩනැඟිල්ලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සන්නද්ධ ආධාරකරුවන් කඩාවැදී කෝලාහල කරමින් එය වසා දමන ලෙස බල කර සිටියා.

මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කිරීමට පොලීසිය සිදු කල වෙඩි තැබීමක දී එක් කාන්තාවක් මිය ගිය අතර වෛද්‍ය ආධාර ලබාදීමට බාධා සිදුවීම නිසා තවත් තිදෙනකු මියගිය බව පොලීසිය පවසනවා.

ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමට සූදානම් කර තිබූ සැසිවාරය මේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා නතර කෙරිණි.

ලෝකයේ බලවත් ම ප්‍රජාතන්ත්‍රවාදී රට වශයෙන් නම් දරා සිටින එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදය ඩෝනල්ඩ් ට්‍රම්ප් බලවත් ලෙස උල්ලංඝනය කරමින් සිටින බව ලෝක නායකයින් ‍රැසක් තම අප්‍රසාදය කර තිබෙනවා.

මේ අතර තම අපක්ෂිකයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ නිකුත් කරන බැවින් ඔහුගේ ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමට එම සමාගම් පියවර ගෙන තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ අනුගාමිකයින් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා තුළින් අපේක්ෂා කරන්නේ නොවැම්බර් 3 වෙනිදා පැවති ඇමරිකා ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය කණපිට හැරවීමටය. කෙසේ වෙතත් ජෝ බයිඩන් ජනවාරි 20 වන දින දිවුරුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu