gossiplanka alexa කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කරනවා ද ? භූමිදානය කරනවා ද? තීරණය දැනුම් දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වෛරසයෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කරනවා ද ? භූමිදානය කරනවා ද? තීරණය දැනුම් දෙයි

කොවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. 

දැනට කොවිඩ් රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම හෝ භූමිදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබා දිමට පත් කළ විශේෂඥ කමි‍ටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බව යැයි ඇමතිවරිය එහිදී සඳහන් කළා.

ඒ අනුව එම පැහැදිලි නිර්දේශයට ක්‍රියාත්මක කරන බවයි ඇමතිවරිය වැඩි දුරටත් කියා සිටියේ. එසේම මෙම භයානය වසංගත තත්ත්වය හමුවේ එවැනි විශේෂඥ නිර්දේශ, සාමාජීය, ආගමික, දේශපාලනික හෝ වෙනත් කිසිදු හේතුවක් පෞද්ගලික හේතුවක් නිසා වෙනස් නොකරන බවද සෞඛ්‍ය ඇමතිවරිය එහි දී වැඩි දුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu