gossiplanka alexa ඉන්දියාවේ පළමු එන්නත් තොගය ලංකාවට දීමට පොරොන්දුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ පළමු එන්නත් තොගය ලංකාවට දීමට පොරොන්දුවක්

කොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබෙනවා. දෙදින චාරිකාවක් සඳහා  දිවයිනට පැමිණි ඉන්දීය ඇමතිවරයා  මේ බව පවසා ඇත්තේ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ දී. 
 
අනතුරුව පැවති සාකච්ඡාවේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපතිවරයා ඉන්දියාව නිෂ්පාදනය කරමින් සිටින කොවිඩ් එන්නත ප්‍රතිකාර අවශ්‍යතාව නිවැරදිව ඇස්තමේන්තු කිරීමෙන් පසු, ලබා ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව දන්වා තිබෙනවා.

සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ආචාර්ය ජයිශංකර් මහතා එහි දී පොරොන්දු වූ අතර ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිතුමා සහ ඉන්දීය ඇමතිවරයා එකඟත්වය පළ කළා.

ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡාවේ දී හඳුනා ගනු ලැබුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, LNG  (ද්‍රව, ස්වභාවික වායු ) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර වුණා.

විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ජනහගණයක් ශ්‍රී ලංකාවේ සිටින බව සදහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඔවුනට විවිධ ක්ෂේත්‍රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව පැවසුවා. ශ්‍රී ලංකාවේ නිශ්චිත අවශ්‍යතා දැනුම් දුන් විට වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ජයිශංකර් මහතා එහිදී පැවසූ අතර විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරීම පිණිස දැනටමත් ඉන්දීය ආධාර ලැබී තිබෙනවා. ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්‍රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට ඉන්දියාවට පිළිවන් යයි ඇමතිවරයා සඳහන් කළා. 

කොවිඩ් 19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාව ගැන දෙපාර්ශ්වය අදහස් හවුමාරු කර ගනු ලැබුවා.

“මාලදිවයින බබල් ක්‍රමවේදයට සංචාරකයන් ගෙන්වා ගැනීම දිගටම කරමින් සිටිනවා. ඉන්දියානුවන් විශාල පිරිසක් දැනටමත් එහි ගිහින්. වසංගතය නිසා ඇතිවූ ආතිතයෙන් මිදීමට සංචාරයේ නිරතවීමට ජනතාව කැමැතියි. නව දිල්ලි නුවර හෝටල් දැන් ඉන්දියානුවන්ගෙන් පිරී ගිහින්. ශ්‍රී ලංකාවට යන ලෙස ඔවුන් දිරි ගන්වන්න අපිට පිළිවන්”, යැයි ඉන්දීය ඇමතිවරයා පැවසුවා. සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කරනු පිණිස ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මණින් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කෙරුණා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu